සිංහල සකස්කඩ
About this book
'සිංහල සකස්කඩ' බෞද්ධ සංස්කෘතියෙහි ඇතැම් විශේෂ මුල ධර්ම සලකවන විවේචනයකි.මෙහි ප්‍රවේශ නිබන්ධය කුහුලකින් කියවන්නා බෞද්ධ සංස්කෘතියෙහි ස්වාධිනත්වය වටහා ගනී.හින්දු -බමුණු සංස්කෘතියෙහි මූල ධර්මත් බෞද්ධ සංස්කෘතියෙහි මුල ධර්මත් එකිනෙකට ඉඳුරා වෙනස් වෙයි.බමුණු ගුරුකුල දහමත් බෞද්ධ ගුරුකුල දහමත් අතර වෙනසක් නැත යන සදොස් හැඟිම මෙහි වඩාත් පැතුරුණේ දොළොස් වන සිය වසෙහි සිට ය.
හින්දු සංස්කෘතිය ද බෞද්ධ සංස්කෘතිය මෙන් අන්තර්ඥානය ගුරු කොටගෙන උපන්නෙකි.එහෙත් භෞතික ධර්මත් පරමාර්ථය නොහොත් ආත්ම ධර්මයත් එකක්ය යන ගුඪ වාදය ඇසුරෙන් සකස් වෙමින් වැඩුනකි ඒ සංස්කෘතිය.ආත්ම විද්‍යාව භෞතික විද්‍යාව තිරශ්චීන විද්‍යා යන තුන් විධියේ දැනුම් හින්දු සංස්කෘතිය විසින් එක්කොට සලකනු ලැබේ.බෞද්ධ සංස්කෘතිය ආත්මවාදයත් එය ඇසුරෙන් උපන් තිරශ්චීන විදාත් බැහැර කරයි.තර්කය හා විද්‍යාව මෙලොව තතු හෙළි කරන දැනුම් සේ සලකයි.තර්කයෙන් නොදත හැකි නිවන අන්තර්ඥානයෙන් දත යුතුයි.
Details
ISBN
9789550201952
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review