Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / MADE in INDIA - මේඩ් ඉන් ඉන්දියා

MADE in INDIA - මේඩ් ඉන් ඉන්දියා

About this book

ඒ විෂ්ණු ගැන අපි මුලින්ම අහන්නෙ හින්දුවේදයේදී. තථ්‍ය ලෝකයේ පැතිර පවත්නා ශක්ති ප්‍රවාහයක් හැටියට. විශ්වයම ප්‍රභාස්වර කළ දෙවියකු හැටියට. මේ විෂ්ණු ගැන අපි අහන්නේ, සිංහල කතා කලාව වෙනස් ඉසව්වකට ඇදගෙන යන චුම්බක ශක්ති ප්‍රවාහයක් හැටියට. තමන්ගෙ ජීව්තයේ අඳුරු කලාපවලට විලක්කු අවුලලා එබෙන එක, එසේ මෙසේ පුතෙකුට කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. ඒ එබිකම ඒ සා අතිශය පෞද්ගලිකයි.

කොදෙව්වේ සංස්කෘතික සීමා, සාහිත්‍ය කිලි තහංචි ගැන, ඒ හැටි වද නොවී සරල, සුගම බස් වහරකින් විෂ්ණු මේ වියමන් කරන්නේ සංචාර ආඛ්‍යායනයක් ම නෙවෙයි. ඔහුම කියන විදිහට රස්තියාදු මතක සංචිතයක්. විෂ්ණුගේ විචිත්‍රවත් කතා ගඟුල වරෙක තාණ්ඩව වේශයෙනුත් තවත් වරෙක ලාස්‍යවත් ගලාගෙන යනවා.

ඒ විෂ්ණු නපුර, අනිෂ්ටය, ව්යවුල, අනර්ථය එළඹෙන යාමයට දස අවතාරයකට රූපාන්තරණය වෙලා ලෝකයාට සෙත සලනවා වගේම මේ විෂ්ණු MADE in INDIA හරහා සිංහල කතා කලාවේ දෝස නිවාරණය කරනවා කියල අපි ලියන්නෙ අතිශයෝක්තියකින් නෙවෙයි.

ඒ විෂ්ණු දෙවියෙක් වුණා වගේම, මේ ලියන නිර්භය සෝහාසී ලතාව නිසාම මේ විෂ්ණු කියන්නෙත් එක්තරා ආකාරයක අවතාරයක් ම වෙන්න ඇති කියලයි අපට හිතෙන්නෙ.

අසංක රුවන් සාගර

ISBN
9789553134394
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: MADE in INDIA - මේඩ් ඉන් ඉන්දියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.