මගේ පස්සෙන් එන්න

Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
In stock
SKU
mage-passen-enna-bodhini-samaratunga-reading-planet

බොල්ෂෙවික් විප්ලවය සඳහා ලෙනින් විසින් නොවැම්බර් 7 යොදාගැනීම පිළිබඳ පුවත එම දිනවල පැට්රෝග්‍රෑඩ් හි සිටි 'රීඩ්' නම් ඇමරිකානු පුවත්පත් කලා වේදියෙකු මෙලෙස විස්තර කර ඇත.

"නොවැම්බර් 6 වැනිදා ඉක්මන් වැඩිය. තවද නොවැම්බර් 8 දා ප්‍රමාද වැඩිය. ඒ අනුව අපි 7 වැනිදා වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමු.”

බෝධිනී සමරතුංග ලියූ මෙම නවකතාව කියැවූ විට මටද හැඟීගියේ මෙය මේ අවස්ථාවේ ප්‍රකාශයට පත්නොවන්නේ නම් එය ප්‍රමාද වැඩි වන බවයි. මන්ද ශ්‍රී ලාංකේය සමාජය වෙලාගෙන ඇති අති දරුණු කාරණයක් මෙම නවකතාව මඟින් හෙළිදරව් වන බැවිනි. ඒ නිසා ම කතුවරියට බල කර කීවේ 2024 දී එය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

වසරකට ලංකාවේ සිංහලෙන් පලවන සිය ගනනක් නවකතා ඇතත් ඒ බොහෝ නවකතා වලට පාදක නොවන, එසේම බහුතරයක් සාමාන්‍ය වැසියන්ට අයිති වන අප නොදන්නා ඉසව්වක් කතුවරියගේ පෑන් තුඩට අසුව ඇත.

මෙහි එන චරිත සමාජයට ආදරය කරන්නෝය. ඔවුන් කරන්නේ සමාජය වෙනස්කිරීම සඳහා අඳුර නිර්වචනය කිරීම හෝ අඳුරට සාප කිරීම නොවේ. ඔවුන් එක් ඉටිපන්දමක් දල්වයි. එහි ආලෝකය දූෂණයෙන් වෙලාගෙන තිබෙන ශ්‍රී ලාංකේය සමාජය අවදි කිරීමට සමත්වනු ඇත.

පොත ලියැවී තිබෙන්නේද, ප්‍රකාශයට පත්වන්නේද එයට සුදුසුම කාලයේය.

රුක්මල් ගමගේ

Author වෛද්‍ය බෝධිනී සමරතුංග - Bodhini Samarathunga (2)
Publisher Reading Planet (19)
More Information
ISBN 9786245577170
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මගේ පස්සෙන් එන්න
Back to Top