Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගේ පස්සෙන් එන්න

මගේ පස්සෙන් එන්න

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බොල්ෂෙවික් විප්ලවය සඳහා ලෙනින් විසින් නොවැම්බර් 7 යොදාගැනීම පිළිබඳ පුවත එම දිනවල පැට්රෝග්‍රෑඩ් හි සිටි 'රීඩ්' නම් ඇමරිකානු පුවත්පත් කලා වේදියෙකු මෙලෙස විස්තර කර ඇත.

"නොවැම්බර් 6 වැනිදා ඉක්මන් වැඩිය. තවද නොවැම්බර් 8 දා ප්‍රමාද වැඩිය. ඒ අනුව අපි 7 වැනිදා වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමු.”

බෝධිනී සමරතුංග ලියූ මෙම නවකතාව කියැවූ විට මටද හැඟීගියේ මෙය මේ අවස්ථාවේ ප්‍රකාශයට පත්නොවන්නේ නම් එය ප්‍රමාද වැඩි වන බවයි. මන්ද ශ්‍රී ලාංකේය සමාජය වෙලාගෙන ඇති අති දරුණු කාරණයක් මෙම නවකතාව මඟින් හෙළිදරව් වන බැවිනි. ඒ නිසා ම කතුවරියට බල කර කීවේ 2024 දී එය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

වසරකට ලංකාවේ සිංහලෙන් පලවන සිය ගනනක් නවකතා ඇතත් ඒ බොහෝ නවකතා වලට පාදක නොවන, එසේම බහුතරයක් සාමාන්‍ය වැසියන්ට අයිති වන අප නොදන්නා ඉසව්වක් කතුවරියගේ පෑන් තුඩට අසුව ඇත.

මෙහි එන චරිත සමාජයට ආදරය කරන්නෝය. ඔවුන් කරන්නේ සමාජය වෙනස්කිරීම සඳහා අඳුර නිර්වචනය කිරීම හෝ අඳුරට සාප කිරීම නොවේ. ඔවුන් එක් ඉටිපන්දමක් දල්වයි. එහි ආලෝකය දූෂණයෙන් වෙලාගෙන තිබෙන ශ්‍රී ලාංකේය සමාජය අවදි කිරීමට සමත්වනු ඇත.

පොත ලියැවී තිබෙන්නේද, ප්‍රකාශයට පත්වන්නේද එයට සුදුසුම කාලයේය.

රුක්මල් ගමගේ

ISBN
9786245577170
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ පස්සෙන් එන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.