Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මහ කනදරාව යෝධ දළයා
About this book

දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ තිරිකුණාමලය වරායේ නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ඒ. එම්. හෙට්ටිආරච්චිමහතා සිය ළමා කාලය වැඩි වශයෙන්ම ගත කර ඇත්තේ උතුරු මැද පළාතේ වනගත ප්‍රදේශවල ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ තම පියාණන් 1930 දශකයේ පටන්ම උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දුෂ්කර වනාන්තරබද ප්‍රදේශයන්හි රාජකාරි කටයුතුවල නිරත වූයෙන් ශිෂ්‍ය හෙට්ටිආරච්චි තරුණයාගේ පාසල් නිවාඩු කාලය ද ගෙවී ගියේ පියාණන් සමග ම එතුමාගේ රාජකාරි නිල නිවෙස්වල ය. එහිදී වන සැරිය හා දඩයම ඔහුගේ එකම විනෝදාංශය විය. එමඟින් වනාන්තරය හා වනසතුන් පිළිබඳ ලැබූ  අත්දැකීම් නිසා ම ඔහු සැබෑ වන ලෝලියකු බවට පත්විය. ඔහුගේ පසුකාලීන ජීවිතය වනාන්තරය හා බද්ධ වීමට එය ඍජු ව බලපෑවේය. 

ළමා කාලයේ පටන් ම උතුරු මැද පළාතේ ඝන වනාන්තරවල කරක් ගැසූ ඔහු වනගත අසරණ ගැමියන් ඇසුරු කරමින් ද, ඔවුනට පිහිට වෙමින් ද, දුක සැප සම ව බෙදා හදා ගනිමින් ද, හේන්නේ පැලේ රුක් වදුලේ ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කාලය ගත කළේ ය. සමාජ අසාධාරණයන් මැද දුකසේ දිවි ගෙවූ ඒ අසරණ ගැමියන්ගේ දුක් වේදනා පිළිබඳ ව තමා ලත් අත්දැකීම් ඉතා සංවේදී ලෙසින් රට හමුවේ තැබීමට ඒ. එම්. හෙට්ටි ආරච්චි මහතා සමත් වූයේ ඒ නිසා ය. එතුමාගේ බුද්ධිය, විශ්ව ඥානය, පාරිසරික රසඥතාව, අවබෝධය, එඩිතර පෞරුෂත්වය හා නිර්ව්‍යාජ මිනිස්කම තේරුම් ගැනීමට ඔහුගේ මෙම ග්‍රන්ථය කදිම උදාහරණයකි.

ISBN
9789558892890
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ කනදරාව යෝධ දළයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.