මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3

Special Price රු. 135.00 Regular Price රු. 150.00
In stock
SKU
maha-rahathun-wadi-maga-osse-3-athahareema-indrajith-subasinghe

ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිදි සංසාර සතුන් හට නොඇලෙන්න කියාදුන් නොගැටෙන්න සිහිය දුන් අතහරින සතිය දුන් නිදුකානගේම පුත් සඟ මැණික ඔබම විය

කරගන්න මහ කුසල් බෙදා ලොවටම දහම ඔබේ අවබෝධයෙන් සැනසීය මනු කැලක් එමතු නොව දෙවියෝද එයින් තුටු වනු දනිමි

සාරිපුත් පරපුරේ අපේ කාලේ උපන් මහකසුප් මහතෙරගෙ එමඟයන බුදු පුතුනි එක්කෝ මරණයය නොමැතිනම් නිවනමය කියා කළ සිහ නාද තව කොහෙන් අසන්නද

ඔබේ දම් ගැලපුමට නොතිත් පැසසුම් එතැයි කියූ කළ මා ඔබට පුතේ මේ මගෙ නොවෙයි බුදුරජුන් දහමමය නිහතමානීව කිවු ඒ වදන් රාවදෙයි

කොහේ හෝ වන පෙතක මේ මොහොතෙ වැඩ සිටින අපේ පිනටම උපන් හිමියනේ ඔබේ ගුණෙන් දකිමු අපි බුදු රජුන්

ඒ අමා මෑණියන් සහස් දෙකකුත් අඩක් ගෙවී වස් ගතවෙතත් වදයි ඔබ වැනි පුතුන් ලෝ සතට සෙනෙහසින්

Author මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - Maha Rahathun Wadi Maga Osse (2), Indrajith Subasinghe - ඉන්ද්‍රජිත් සුබසිංහ (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (648)
More Information
ISBN 9789557887029
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 3
Back to Top
Related Products