Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මම අයිති තැන

මම අයිති තැන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"නිකන් නෙමේ... මට ඒක ලොකු කරල රාමු කර ගන්නවා. එතකොට හැමෝටම ආපු ගමන්ම පේන්නේ එක.” ඔහු තවමත් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථික ප්‍රතිඵලයක් නොලැබෙන අපගේ, ඩී.එන්.ඒ. වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් ය.

"ඒ ඇයි?” මම පුදුම වී ඇසුවෙමි. ඔහුට ගින්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ තරම් විකාරයක් සිතීමට හේතුව දැන ගැනීමට මට කුතූහලයක් විය. "ඇයි කියන්නේ... දැන් බලන්න අපි පවුලේ පින්තූරයක් එල්ලගෙන ඉන්නේ ඇයි? හැමෝටම කියන්නනේ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා....."

ඔහු පවසන දේ මම හිය සලා අනුමත කළෙමි. නමුත් ඔහු එය දුටුවේ නැත. ඔහු දිගටම කියවමින් සිටියේ ය. "ඒත් ඉතින් ඕන කෙනෙක්ට එකට මුහුණ දාගන්න පුළුවන්. හරියට රේචල්ට වගේ...”

ඔහු එය පැවසුවේ තරහින් ය. මට මැව් පෙනුණේ මොරෙල් නිවසේ විසිත්ත කාමරයේ ඇති ඔවුන්ගේ දැවැන්ත පවුලේ ඡායාරූපය යි.

එයට ඇලෙක්ස්ව කැඳවාගන්නට මොරෙල් මහතාට ඉතාමත් අපහසු වන්නට ඇති. සමහර විට එයට ඔහුට උදව් කරන්නට ඇත්තේ ඇලෙක්සි විය යුතුය.

"ඉතින් ඊට වඩා හොඳයි විශ්වාසවන්ත ලියවිල්ලක් බිත්තියේ එල්ලන එක, එතකොට අනිවාර්යෙන්ම පවුලේ අය විතරයි.” ඇලෙක්ස් කීවේ තනිවම සිනාසෙමිනි. "දන්නවද ඔයා තමයි මගේ එකම පවුල ටිවින්කල්” ඔහු තවදුරටත් කීවේ මා නිරුත්තර කරමින් ය. එයට දිය හැකි පිළිතුරක් නොවූ නිසා මට ඈතට නෙත් යොමු කළේ ගලා එන සුළඟට මා බදා ගැනීමට ඉඩ දෙමිනි.

ISBN
97895570111776
පිටු ගණන (Pages)
471
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මම අයිති තැන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.