මම නොවෙමි නුඹට මැවු දෙවඟන
කවියක් යනු සම්මා වායාමයක් යයි මම විශ්වස කරමි.කලින් අවසර නොගෙන හිතට ගෙවදින සිතුවිලි වල ප්‍රීතිමත් ගති සොබාව මෙන්ම, ඒවාහි රිදුණු, බිඳුණු දෝමනස්ස හැඩරුවත් මෙයාකාර යයි කියන්නට කවි බස තරම් සුකොමල මාධ්‍යයක් වෙන නැතැයිද විශ්වාස කරමි. අප හැම කෙනෙකුගේ සිතට පෙර කී සිතුවිලි ඉනුවද ඒවා තව කෙනෙකුට ප්‍රබල ලෙස දනවන්නට තරම් හුරුබුහුටි ලෙස බස හසුරුවන්නට හැම අයෙකුටම කළ හැකි දෙයක් නොවේ. එහෙයින් කවියකු වීම එතරම් පහසු නැත.
ලක්මාලි කරුණානායකගේ මේ කවි සංග්‍රහය සම්මා වායාමයක් ලෙස අප දකින්නේ සුලබ අනුභූතීන් තුල පිහිටා දුලබ, කෝමල බස් වහරකට යමින් අපේ ඇතුළු හිතේ මතක අහුමුළු වලට කවියෙන් විලක්කු දල්වා ඇගේ කවිය තුළම අපට අප පෙන්වන බැවිනි.
ඒ පන්දම් එළිය මතු මීට වඩා සාර සුබාවට ඇවිලෙනු දැකීම අපේ අපේක්ෂාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.