Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නොකියු කතාවක්

නොකියු කතාවක්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

තරුණ කිවිඳියක වන ලක්මාලි කරුණානායකගේ මෙම කවි සරණියෙහි එන පද්‍ය රචනා බහුතරයක් ආත්ම කොටගන්නේ යෞවන ප්‍රේමයයි. ස්වකීය කාව්‍යානුභූතීන් විසිරෙන්ට ඉඩ නොදී, ඒවා එකට කැටිවන සේ පද ගළපන්ට කිවිඳිය සමත්ව සිටින්නී වෙයි. එහෙයින්ම ඇයගේ කාව්‍ය ප්‍රකාශනය තියුණු ද, විනිවිදින ස්වරූපයක් ගනුද පෙනී යයි. මෙම කෘතිය හඳුන්වන්ට ඇය විසින් යොදාගෙන ඇති "නොකියූ කතාවක් " යන රචනයෙහි මුල්ම පැදිකඩ, නිදසුනක් සේ ඉදිරිපත් කරන්ට මම කැමැත්තෙමි.

ආදරේ මහ හුගක් තිබුණේම

එදා මා ඔබ

නොදුටු නෙත් තුළ

මටත් වැඩියෙන් මාව රැකගත්

ඔබේ සෙනෙහස සැගවු තැන්වල

එහිලා පළ කෙරෙන සංක්ෂිප්ත භාවයත්, භාව ප්‍රකාශනයෙහි තීක්ෂණ භාවයත් ඇයගේ කවිය බබුළුවන ලක්ෂණ දෙකක් හැටියට මම හඳුනාගනිමි.

අපගේ සම්භාව්‍ය කවියත්, වර්තමාන යුගයේ පරිණත කවීන්ගේ නිර්මාණත් ලැදිව හැදෑරීමෙන්ද, සිය කවි බසෙහි භාවික ගුණය කෙරෙහි වඩ වඩාත් අවධානය දැක්වීමෙන්ද ලබන කාව්‍යාභ්‍යාසය, ඇයගේ අනාගත කවිය නිසි මගට යොමු කරවීමට හේතුකාරක වන බැව්, ඇයට සුභ පතන අතරවාරයේම සඳහන් කරනු රිසියෙමි.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

ISBN
9789554788848
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොකියු කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.