මං නිට්ටෑවෙක්
(විද්‍යා ප්‍රබන්ධ නවකතාව) මනෝජ් ප්‍රසන්න රත්නායක
ජාත්‍යන්තර තලයේ දී විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ද, අපේ රටේ තවමත් ඒ ගැන ඇත්තේ අඩු තක්සේරුවකි. විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ වර්ධනයට පවත්නා ප්‍රධාන බාධාවක් වන්නේ ගුණාත්මක නිර්මාණ හිඟකමයි.
මනෝජ් ප්‍රසන්න රත්නායකගේ 'මං නිට්ටුවෙක් කෘතිය ඒ හිස්තැන යම් ප්‍රමාණයකට හෝ පුරවාලයි. ශීතන සංරක්ෂණය නමැති අනාගතවාදී තාක්ෂණයක පිහිටෙන් මරණය පරදවා නැගිටින නිට්ටවකු ගැන පුවතක් මෙහි කියැවේ. නිට්ටවා යනු අතීත ලංකාවේ විසුවේ යැයි සැලකෙන මානව විශේෂයකි. විද්‍යාත්මක චින්තනය තුළ රැඳෙමින්
කල්පිත නිට්ටවා යථාර්ථයක් ලෙස ඉදිරිපත් කරන්නට කතුවරයා උත්සාහ දරයි.
ඔහු කැලණිය සරසවියේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. එසේම සිංහල පිළිබඳ දර්ශනපති උපාධිධාරියෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.