මනස්කාර
හිත කියන්නෙ මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක් තමයි. හැබැයි අපි හැම වෙලාවෙම හිතට ඕන විදියටම ඇවිදගෙන ගියොත් අපි අතරමං වෙනවා අභී. මොකද හිතට තියෙන්නෙ ෂෝට් ටර්ම් මෙමරි එකක්. ඒ ඒ වෙලාවට ඒ ඒ පැත්තට හැරුණට ආපහු එන්න ඕන විදිය හිත මතක තියාගන්නෙ නෑ. ඒ නිසා තමයි අපි හිතට කලින් බුද්ධියට ඉඩ දෙන්න ඕන අපි ඉස්සරහට යද්දි බුද්ධිය දන්නවා අපි කොහෙද යන්නෙ කොහෙද නැවතෙන්නෙ, ආපහු එන්න ඕන වුණහම එන්න ඕන කොහොමද කියන එක. හිත වගේ නෙමෙයි බුද්ධිය වැඩ කරන්නේ සැලසුමකට කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ හිත කොහෙද තියෙන්නෙ කියලා ඔයා දන්නවද ඒක තියන තැන? හිත කියන්නෙ ඉන්න හිටින්නවත් නැති කවුරුවත් දැකලවත් නැති අනන්‍යතාවයක්වත් නැති මනුස්සයෙක් වගේ. හැබැයි ඔයාගේ බුද්ධිය කොහෙද කියලා ඇහුවොත් ඔයාට ඔයාගේ මොළය පෙන්නන්න පුළුවන්. බුද්ධිය හරියට අපි හොඳට දන්න අපිව හොඳට දන්න මනුස්සයෙක් වගේ. අපි විශ්වාස කරන්න ඕන අපි කොහෙද ඉන්නෙ කියල හොඳට දන්න මනුස්සයවද නැත්නම් අපි කොහේ ඉන්නවද දන්නෙත් නැති දැකලත් නැති නන්නාදුනන මනුස්සයවද අහී..? මම නම් නොදන්න මනුස්සයෙක්ට වඩා දන්න මනුස්සයව විශ්වාස කරනවා. මගේ අප්පච්චි මට එහෙමයි කියලා දීලා තියෙන්නෙ. ඔයා ඔයාගේ හිතයි පාලනය කරගන්න ඕන ඒ නිසා.. චුට්ටත් ඔයාගේ බුද්ධියට ඉඩ දීලා බලන්න.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.