මානව සම්පත් සංවර්ධනය හා පුහුණුව
අධ්යාපන ක්ෂේත්රය, බැංකු හා වාණිජ ව්යාපාර, ආරක්ෂක සේවා හා සමාජ සේවා ආදී වූ නොයෙකුත් ක්ෂේත්රයන්හි, එම ක්ෂේත්රයන්ට සම්බන්ධ මානව සම්පත් සංවර්ධනය මුල්කර ගනිමින් පුද්ගලයන් පුහුණුකිරීම පිළිබඳව අද පෙර නොවූ විරූ උද්යෝගයක් පවතියි.
පුහුණු කිරීම ක්රමවත්ව හා විද්යාත්මකව කළ යුතු කාර්යයක් නිසා පුහුණුකිරීම පිළිබඳ උපදෙස් ග්රන්ථ, අත්පොත් බෙහෙවින් අවශ්ය වේ. ඉංග්රීසියෙන් ලියැවුණු එබඳු කෘති රාශියක් ඇතත් සිංහලෙන් ලියැවුණ කෘති බෙහෙවින් ම විරල ය. මේ ග්රන්ථය එම ඌනතාව කිසියම් දුරකට හෝ මඟහරවා ගැන්ම අරමුණු කර ගනිමින් සම්පාදනය වූවකි.
ජාතික අධ්යාපන ආයතනයේ, කළමනාකරණ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් සේවය කළ මෙම ග්රන්ථයේ කතුවරයා එම ආයතනයට සම්බන්ධ පුහුණු වැඩ සටහන් ගණනාවක් සමායෝජනය කළ වෘත්තීය පුහුණුකරුවෙකි. මානව සම්පත් සංවර්ධනය හා පුහුණුව ඇතුළු ක්ෂේත්ර ගණනාවකට අදාල ග්රන්ථ රැසක කතුවරයෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.