Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරකත පිළිලය 2 - මරකත ඵලකය

මරකත පිළිලය 2 - මරකත ඵලකය

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.

යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!

ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණුවල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?

සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද?

අමරණීයත්වයේ රහස මොහු සතුද?

යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය. මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි.

 ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත.

මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.

Details
ISBN
9786245579600
පිටු ගණන (Pages)
519
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. රහස් පරික්ෂණ
    මරකත ඵලකය

    "සිටුතුමා තවම ජීවතුන් අතර!"

    මොකක්??" අවසානයේ ක්‍රිස් විමසී ය.

    ඇයි? ඇහුනේ නැද්ද මම කියපු දේ!

    ඇහුනා,ඒ වුනාට මිනිහා මැරිලා දැන් අවුරුදු පහක් වෙනවනේ.... "

    මේ වනාහි නෙතිඳු වරාපිටිය නම් නවක ලේඛකයා ගේ දෙවන නිර්මාණය යි.ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් සම්බන්ධව සඳහන් කරමින් මෙහි පළමු කොටස වූ මරකත පිළිලය කතාව ආරම්භ වූ බව ඔබට මතක ඇතුවාට නිසැකය.

    පානය කරන්නන්ගේ මනස වෙනස් කරමින් සීමා පුද්ගලයෙක් බිහි කරන රසායනයක් මගින් නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක් කල රිචඩ් ඔස්බෝන් ගේ මරණය මත ෂෙරින්ෆර්ඩ් නගරය සන්සුන්ව පසුවේ.

    "මගේ නම රිචර්ඩ් ශේමස් ඔස්බෝන්..

    සමහරවිට ඔබ එම නම දැනටමත් දන්නවා ඇති

    සමහර නොදන්නා අයගේ දැනුවත්වීම පිනිස ඒ මගේ නම. මිනිස්සු මාව සිටුතුමා ලෙස හැඳින්වීමට පෙර

    වාර්තාව කියවාගෙන යන අතර ක්‍රිස් ට එක් දෙයක් සක්සුදක් සේ පසක් විය. කිසිවක් අවසාන නැත. මේ ආරම්භය පමණි. "

    සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි.කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.

    යක්ෂයන්ගේ යක්ෂයා නගරයට පැමිණ ඇත.

    ඝාතකයා ඉතිරි කර යන සලකුණු වල අරුත සහ වසර දහස් ගණනක් පැරණි ගුප්ත ලේඛනයක අබිරහස ක්‍රිස් ටයිලර් හමුවේ ඉතිරි වෙයි. මේ වනාහි සිටුතුමා පවා බියවූ අපරාධකරුවකි.

    කුඩාකල සිට මා ඉමහත් රුචිකත්වයක් දැක්වූයේ විද්‍යා ප්‍රබන්ධ සහ රහස් පරික්ෂණ ශානරයට අයත් කෘතීන්ට ය. යම් හෙයකින් තාක්ෂණය සහ රහස් පරීක්ෂණය එකිනෙක සහ මුසු වුව හොත්...

    මෙම කෘතිය ඔබට ඒ පිළිතුර ලබා දෙනු ඇත.

    බටහිර සාහිත්‍ය තුළ මෙවන් කතා සුලබය.නමුත් මෙරට සාහිත්‍ය තුළ මෙවන් නිර්මාණ දැකිය හැකි නොවේ.

    තවත් මෙවැනිම නිර්මාණයක් සඳහා ඔබට සුබ පැතුම් !!!

    ප්‍රකාශනය - මියුසස් ප්‍රකාශන
    පිටු - 519
    මිල - රු. 1,850.00

    සටහන
    රංග යුදාර
    2023.08.18
    Ranga Yudara ·
Write a review

You're reviewing: මරකත පිළිලය 2 - මරකත ඵලකය

Reviews are published once a member of our team has read them.