මාරුතය නිමා විය
About this book
කාන්තාව පාලම මතට පැමිණියාය. අමිතා යන්න මිල්රෝයිට ඇසුණේ අපැහැදිලිවය. ඔහු එදෙස බැලුවේය. හඳුනන අයගේ රුවක් ඔහුට පෙනිණ. ඒ අමිතාවත් ද? එය විය නොහැකි යැයි මිල්රෝයිට සිතිණ. කාන්තාව මිල්රෝයි දෙසට සෙමින් සෙමින් පැමිණියාය.
"මිල්රෝයි අයියා, අම්මා, පුංචි, මම අමිතා.” කාන්ති කලබල වූවාය. රත්නලතා බලා සිටියේ විස්මයෙන් මෙන්ය. මිල්රෝයි සැක හැර අමිතා හඳුනාගත්තේය. "මගේ දුව මාව බලන්න ආවා.”
කාන්තිගේ සිරුර ගැහෙන්නට විය. දෑසේ කඳුළු පිරිණ. අමිතා ඇය වැළඳගත්තාය. සුදු ජාතික වැඩිහිටියා ඔවුන් කැමරාවට හසුකර ගත්තේය.
Details
ISBN
9786245519910
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review