Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මියුනිච් සංහාරය

මියුනිච් සංහාරය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ සිදුවීම් සහ එහි ලේ වැකි ප්‍රතිඵල  පිටුපස ඇති සත්‍ය කතාව.
'මියුනිච් සංහාරය' 1972 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී  ඊශ්‍රායල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ඝාතනය කිරීමත් සමඟ මියුනිච් සංහාරයට තුඩු දුන් නාටකීය සිදුවීම් ප්‍රබල ලෙස විස්තරාත්මක ව විස්තර  කර  ඇත.
මෙම කෘතිය තුළින් පසුව ඇතිවූ දරුණු රහසිගත අරගලය පිළිබඳ කතාව ද කියයි. එය මොසාඩ් සහ ප්‍රහාරයට  වගකිව යුතු  කණ්ඩායම වන කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ නායකයන් අතර, ගැටුම් කෙරෙහි අවධානය යොමු කරයි.
වර්තමානයේ අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධානවල නායකයන් පසුපස හඹා යන අය මෙන් නොව,  ඊශ්‍රායල ඒ්ජන්තයන් විසින් කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ ප්‍රධාන නායකයන් සියල්ලන් හඳුනාගෙන ඝාතනය කිරීමට සමත් විය. මෙම නායකයන් යුරෝපය සහ මැද පෙරදිග පුරා ක්‍රියාත්මක වන අතරතුර දක්ෂ වෙස්වළා ගැනීමේ උපක්‍රම ද භාවිතා කළහ. මෙම මෙහෙයුම මොසාඩ් සංවිධානය විසින් පැරීසිය, රෝමය, මැඩ්රිඩ්, ඇතෑන්ස්, සයිප්‍රසය  සහ බීරූට් ඇතුළු බොහෝ නගර කරා ද ගෙන ගියේ ය. ඊට සම්බන්ධ වූ කොමාන්ඩෝ භටයන්ගෙන් එක් අයෙක් වූයේ පසුව ඊශ්‍රායල  අගමැති ධූරයට පත් එහූඩ් බරාක් ය.
කළු සැප්තැම්බර් ව්‍යාපාරය ද ප්‍රතිප්‍රහාර එල්ල කළේ ය. ඔවුන්  බ්‍රසල්ස්  සහ මැඩ්රිඩ් හිදී ඊශ්‍රායල ඒජන්තයන්  ​​වෙඩි තබා ඝාතනය කළහ.  'රතු කූමාරයා' ලෙස හැඳින්වෙන කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ නායක හසන් අලි සලාමේ බීරූට් හිදී  කාර් බෝම්බයකින් මිය ගිය විට ප්‍රචණ්ඩකාරී අරගලය අවසන් විය. ඔහු ලුහුබැඳ ගොස් අභිරහස් ඉංග්‍රීසි ජාතික කාන්තාවක් වන එරිකා මේරි චේම්බර්ස් විසිනි. පසුව ඇය මොසාඩ් ඒජන්තවරියක්  බව හෙළි විය.
මියුනිච් සංහාරය කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ බිහිසුණු අපරාධ සහ එහි ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් නැවැත්වීමට ඊශ්‍රායලය දැරූ උත්සාහ ලැයිස්තුගත කිරීමට වඩා වැඩි යමක් කරයි. වර්තමානයේ වැදගත්ම ගැටුම්වලින් එකක් වන ඊශ්‍රායල  පලස්තීන ගැටුම පිටුපස ඇති ගැඹුරු කතාව ද මෙම කෘතියේ පැහැදිලි කරයි.

ISBN
9786244958000
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මියුනිච් සංහාරය
This book මියුනිච් සංහාරය Dr. Michael Bar-Zohar and Eitan
රු. 1,320.00 රු. 1,650.00
හිට්ලර්ගේ පලායාම ඩිලාන් ඩී. ප්රසංග
රු. 1,120.00 රු. 1,400.00
මෝසස් සහ සොලමන් ඩිලාන් ඩී. ප්රසංග
රු. 1,600.00 රු. 2,000.00
3 books selected
රු. 4,040.00 රු. 5,050.00
Save රු. 1,010.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මියුනිච් සංහාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.