Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / මාතර මහ කැරැල්ල
About this book

මෙම කෘතිය ලුඩවැයික් වාක්හනාර් ලන්දේසි බසින් රචිත "ගාල්ල - ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව - 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ විස්තරයක් (Lodewijk Wagenaar, Galle: VOC vestiging in Ceylon - Beschrijving van een koloniale samenleving aan de vooravond van de Singalese opstand tegen het Nederlandse gezag, 1760 (Amsterdam (De Bataafsche Leeiw) 1994) යන කෘතියේ පරිච්ඡේද තුනක සිංහල පරිවර්තනයකි. මේ පරිවර්තනය මගින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ 1760 දෙසැම්බර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිපාලනය යටතේ පැවැති වර්තමාන මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශය මුල් කරගෙන හටගත් විශාල ජනතා නැගිටීම පිළිබඳ මූලික අවබෝධයක් සැපයීමටයි. ලංකාවේ ඓතිහාසික වර්ධනය තුළ අතිශයින් වැදගත් වුව ද එතරම් ප්‍රචලිත නොවන මෙම ජනතා නැගිටීමේ සැඟවුණු ඉතිහාසය, VOC නමින් ප්‍රකට, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ දැවැන්ත සංරක්ෂිත අභිලේඛන එකතුව භාවිත කොට සම්පාදනය කර ඇති මෙම කෘතිය මගින් නිරාවරණය කෙරේ.

1945 දී නෙදර්ලන්තයේ අම්ස්ටර්ඩාම් නගරයේ උපන් ලුඩවැයික් ජේ. වාක්හනාර් 1980 පටන් මේ දක්වා අඛණ්ඩව ලංකාව පිළිබඳ පර්යේෂණ කටයුතුවල නියැලේ. මේ කෘතිය ඇතුළුව ඔහු ලංකාව පිළිබඳ පර්යේෂණ කෘති ගණනාවක් සම්පාදනය කර තිබේ. අම්ස්ටර්ඩාම් ඉතිහාස කෞතුකාගාරයේ ( Amsterdams Historisch Museum) අභිසංරක්ෂකයෙකු ලෙස කටයුතු කොට විශ්‍රාම ලැබූ ඔහු අම්ස්ටර්ඩාම් විශ්ව විද්‍යාලයේ (Universiteit van Amsterdam) කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කරයි.

කෘතියේ පරිවර්තක නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාය.

ISBN
9789550762484
පිටු ගණන (Pages)
194
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාතර මහ කැරැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.