Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මායා අග්නි - Ruins (X-files)

මායා අග්නි - Ruins (X-files)

About this book

ක්‍රිස් කාටර් විසින් අධ්‍යක්ෂණය කළ 'ද එක්ස් ෆයිල්ස්’ 

මාලා නාටකය ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද 

බැඳගත් විශිෂ්ටතම රූපවාහිනි ටෙලි කථා මාලාවක් ලෙස 

අවිවාදිත ය. 

 

‘ද එක්ස් ෆයිල්ස්’ රූපවාහිනි මාලා නාටකය විකාශය 

වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම 

යොදා විශේෂිත ග්‍රන්ථපෙළක් ද රචනා විය. රූපවාහිනි

 නාට්‍යයට වශී වූ ප්‍රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ

ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ  ඒවා ලොව පුරා 

පිටපත් මිලියන ගණනින් අලෙවිවීමත් සමඟය. 

 

කෙව්න් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් Ruins නමින් 

රචනා කරන ලද ඉන් එක් ග්‍රන්ථයක් මායා අග්නි යනුවෙන් මෙසේ 

සිංහලයට පරිවර්තනය වෙයි. රූපවාහිනි තිරයේදී ඔබ දුටු එක්ස් ෆයිල්ස්

සතුව තිබූ කුතුහලය, වීරත්වය, අද්භූත හැඟීම හානොසිතූ අවසානය 

වැනි සියලු ලක්ෂණ මේ ග්‍රන්ථයේද අඩංගු වන බව සහතික කළ හැකිය.

Details
ISBN
9789556565805
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Fiction - Detective
    මායා අග්නි

    X Files කතා මාලාව ලොව පුරා රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලද රූපවාහිනී වැඩසටහන් මාලාවකි. එහි ජනප්‍රියත්වය හේතුවෙන්ම X Files නම් කතා මාලාවක්ද විවිධ රචකයන් අතින් ලේඛනගත වී ඇත.

    විශේෂ නියෝජිත මෝල්ඩර් සහ ස්කෙලී ඉපැරැණි මායා ශිෂ්ටාචාරය තුළ අතුරුදහන් වූ පුරාවිද්‍යාවරියක් සොයා පරීක්ෂණ මෙහෙයවති..ඔවුන්ගේ අනාගතය කෙබඳු වේද????

    X File රූපවාහිනී වැඩසටහන තුළ වූ ත්‍රාසය,කුතුහලය නොමදව අත්විඳීමට මෙම කෘතියෙන් ඔබට අවකාශ සැලසෙනු ඇත.
    Ranga Yudara ·
Write a review

You're reviewing: මායා අග්නි - Ruins (X-files)

Reviews are published once a member of our team has read them.