Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මායාවාස

මායාවාස

About this book

පරම්පරා හතරක් ඔස්සේ දිවෙන, ඉසබෙල් අයියන්දේගේ උත්කෘෂ්ට පවුල් පුරාවෘත්තය, සදා මතකයේ රැඳෙන, බෙහෙවින් අසාමාන්‍ය පාත්‍රවර්ගයාගෙන් ගහන ය. සජීවි ගැහැනු-පිරිමි සමග මායා බලවේග, ස්වභාව ධර්මතා සහ ඓතිහාසික චරිත එකට පෙළගැසී එය අලංකාරවත් කරති. නූතන ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති අතර ප්‍රමුඛත්වයේ ලා සැලකෙන 'මායාවාස' අද වන විට ප්‍රධාන ලෝක භාෂා සියල්ලටම පරිවර්තනය වී ඇති අතර චිත්‍රපටයටද නැඟී ඇත.

අද්විතීය සාර්ථකත්වයක්. .. ජනතාවකගේ ඉතිහාසයත්, ඒ හා බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ජීවිතත් ආලයෙන් බැඳ තබන යෝධ කෘතියක්.
(The Times, London)

නැවත කිසිවෙකු අතින් ලියැවෙතැයි සිතිය නොහැකි ආකාරයේ නවකතාවක්: එහි කතා සාරය සාරවත් ය. සමාජ ගැටුම් සහ මීත්‍ර සංජීවනය මුසු, පරම්පරා කිහිපයක් ඔස්සේ පැතිරෙන චරිත පිරි, සරු කතා විතානයක්.. අතිශය ප්‍රබල ආඛ්‍යානය සහ ශිල්පීය දීප්තිය විසින් මේ නවකතාව අත්‍යවශ්‍ය 'කියවීමක්' දක්වා ඔසවා තබනු ලැබේ.
(El Pais, Madrid)

අව්‍යාජ වුත්, අපූර්ව වූත් යෝධ වියමනක්: එය විස්මිත ය. මායාවෙන් අගතැන් ය. භීෂණය සහ නැණ නුවණින් අනූන ය. එමතුද නොව, ඓතිහාසික සහ සමාජ නිරීක්ෂණ සාකල්‍යයෙන් නිවැරදි වන තරමට මනාව අමුණා ඇත.
(Die Welt, Berlin)

ඉසබෙල් අයියන්දේ පේරු රටේ ලීමා නුවර උපත ලද්දීය. ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් ඝාතනය කරන ලද, ඡන්දයෙන් බලයට පත් ලෝකයේ ප්‍රථම සමාජවාදියා වූ සැල්වදෝර් අයියන්දේ ඇගේ මාමා ය. අනතුරුව බලයට පත් ඒකාධිපති පිනෝචේගේ ජුන්ටාවෙන් දිවි ගලවාගෙන චිලි රටෙන් පැන ගිය ඈ කලක් සිය සැමියා සහ දරු දෙදෙනා සමග වෙනිසියුලාවේ කරකාස් නුවර ජීවත් වූවාය. අද ඈ ඇමරිකානු පුරවැසියෙකි.

ISBN
9789553117694
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායාවාස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.