Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මේ අපේ ගුහාවයි

මේ අපේ ගුහාවයි

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

අම්මාගේ ලේඛන කලා ජීවිතයේ

ඉතා අසීරු අභියෝගාත්මක කාල වකවානුවකටයි

ඈ පසුගිය වසර හත අටක කාලය

පුරාවට මුහුණ දී සිටියෙ.

ගුහාවක සිරකර හිතට අගුළු දමාගෙන

හංගා සුරැකි, තාත්තාගේ ඒ සුන්දර ලියවිලිවල පසුබිම

පෙළින් පෙළ පෙළගස්වා

සංස්කරණය කරන්නැයි අප ඇයට පැවරූ

බැරෑරුම් කටයුත්ත නිසා

ඉතා දිගු අතීත මතක සොයා

අම්මාට අතීතයට යන්න සිදු වුණා.

 

ඒ අතීත මතක ළඟ විඩාබර වී

අම්මා නතර වුණ අවස්ථා හුඟාක් තිබුණා.

ජීවිතය දෙස සන්සුන්ව බැලිය යුතු කාලයකදී

ඇයට ඉතා අසීරු කාර්යයක් පවරා

ඇගේ සිත නොසන්සුන් කළාට

ඈ අපට අද සමාව දෙනු ඇත.

 

මේ පොත දැකගන්නට තාත්තා හිටියා නම් කියා

ළය පැළී යන තරම් වේදනාවක්

මට දැනුණත්

ඔහු අද අප අතර හිටියා නම්

මේ සියල්ල ඇයත් සමඟ

දිරාපත් වෙන්නට ඉඩ හරින්න යැයි කියා

අම්මා මගෙන් ඉල්ලීමක් කරන බව නම් ස්ථිරයි.

රුචිරා සුරංගී ද අල්විස්

ISBN
9789552132735
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේ අපේ ගුහාවයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.