මේ රහස් කවුළුවෙන් එබෙන්න

Special Price රු. 558.00 Regular Price රු. 620.00
Out of stock
SKU
me-rahas-kawuluwen-ebenna-kaushalya-kumarasingha-widarshana

මේ නවකතාව තුල එක් පසෙකින් දිවෙන අනුරාගික 

පළිගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන

අහිමිවීම්වල දොම්නසේ කතාවක් මුණගැසී නොගැසී යයි.

නව අනගාරික මධ්‍යම පංතියේ ජීවිතයට අගනගරයට

සංක්‍රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි.

මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක කුරිරු

සෞන්දර්යයෙන් මේ කෘතිය රාමුගත වී ඇත. කොළඹ

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිස් හය වන තට්ටුවේ සිට 

නගරය දකිමින් ඒ මතට පහත් වන බැල්මක් මේ දැන්

එතැනින් ඉවතට ඇදී යන KIA ජීප් රථයක් පසුපස හඹා 

යන අතර නවකතාව දිගහැරෙන්නේ රිය පදවන තරුණ

මානව සම්පත් කළමනාකාරවරයාගේ අති පුද්ගලික 

ජීවිතය වෙත එබෙමින් ය. සිනමාත්මක සාහිත්‍ය

අත්දැකීමක් ලබා දෙමින් සමකාලීන ලංකාවේ මිනිස්

ජීවිතයේ සූක්ෂමතා නිරාවරණය කරන්නට උත්සාහ කරන 

මෙය හරුකි මුරකමි ගේ After Dark නවකතාවේ ආඛ්‍යාන

ශෛලිය සිහිපත් කරවයි. 

Author කෞශල්‍ය කුමාරසිංහ - Kaushalya Kuamarasinghe (4)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9786245546046
පිටු ගණන 271
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මේ රහස් කවුළුවෙන් එබෙන්න
Back to Top