Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මීටර් 100

මීටර් 100

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

ලේඛකයකු වෙන්න කැමති ඕනෑම කෙනෙකුට තමන්ට ආවේණික ශෛලියක් ගොඩ නඟා ගන්න තම නිර්මාණ තුළින් මඟ පෙන්වන ලේඛකයන් රැසක් අප අතර ඉන්නවා. ඒ අතරින් මට මගේ ම රචනා ශෛලියක් ගොඩ නඟා ගන්න උදවු වුනා, ලේඛකයන් කීපදෙනෙක්. මුනිදාස කුමාරතුංග, රැයිපියෙල් තෙන්නකෝන්, ඒ. ජී. ගුණරත්න, ඇස්. පී. පෙරේරා, ඒ. එච්, පියසේන ඉන් ප්‍රධානයි.

එයින් ඇස්. පී. පෙරේරා, ඒ. එච්. පියසේන දෙන්නා ම ගුරුවරුන්. ඇස්. පී. පෙරේරා ඉගැන්නුවෙ කොළඹ ආනන්දෙ. ඒ. එච්. පියසේන ඉගැන්නුවේ කොළඹ රාජකීය. මම ඉගෙන ගත්තේ නුවර ධර්මරාජයේ නිසා මට ඒ දෙන්නා ඇසුරෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුණේ නැහැ. ඒත් ඔවුන්ගෙ නිර්මාණ කියවන්න ලැබුණා, පොත්වලින්. ඔවුන්ගේ නිර්මාණවලින් අපට ලියන්න ජවයක් ලැබුණා. යම්තම් බහ තෝරන අවධියේ ඉඳල ම පොත් කියවීමේ දැඩි පිපාසයකින් පෙළුණු මම පාසල් පෙළ පොත් පවා කියෙව්වා. හයේ සිංහල පෙළ පොතට පියසේන මහත්තයා ලිව්ව මීටර් 100 කතාව මට කියවන්න ලැබුණෙ එහෙමයි. උතුරු මැද පළාතේ රඹෑව පාසලේ දී ලත් සැබෑ අත්දැකීමක් මත ලියූ ඒ කතාව කියවීමෙන් මට ඒ කතා රටාව ඇසුරෙන් මගේ ම ශෛලියක් ගොඩ නඟා ගන්න හැකි වුණා. එදා පියසේන මහත්තය එක්ක මීටර් 100 දුවපු මට ඉන් ලැබුණු ජවයෙන් නස්රුදින් කතා පොත් පෙළක් ම ලියන්න හැකි වුණා.

මීටර් 100 කතාව සමඟ එවැනි ම කතා අහුරක් 'මීටර් 100' කෘතියට ඇතුළත් වෙනවා, ලියන්නට රස විඳින්නට මග පෙන්වන පොත් රැසක් එතුමාගේ නිර්මාණ අතර තියෙනවා. සින්දු හෝඩිය, පොතේ ගුරා, සංකල්පනා, සිංහල වියරණ, පඬුවත, සුබැසි මුතුහර, සිංහල වන්දනා හී, නිවැරදි උච්චාරණ විධි ඉන් කීපයක්. ඒ අතරින් සුවිශේෂ වන්නේ මට මග පෙන්වූ මේ 'මීටර් 100' යි.

පර්සි ජයමාන්ත

ප්‍රධාන සංස්කාරක,

ළමා යොවුන් විශ්වකෝෂය,

malkakulu.com වෙබ් පුවත්පත,

ISBN
9786242041216
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මීටර් 100

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.