මිඩාක් පටුමඟ
සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී නජිබ් මහ්යුස්ගේ පොහොසත් වර්ණිත කතා කීමේ කලාව මිඩාක් පටුමඟ නවකතාවේ තරම් දෘශ්‍යමාන වන ඔහුගේ වෙනත් කෘතියක් නොමැති තරම් ය. මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමඟක ජීවත්වූ නිවැසියන්ගේ ජීවත පුවත වටා කේන්ද්‍රණය වී ඇත. සයිටා නම් වූ ආබාධිතයන් තනන්නාගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍යවලට ඇලුම් කළ ක්‍රිශ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති ගිජුබව ආදරය යැයි වරදවා වටහාගත් අබාස් නම් වූ බාබර් ද, පටුමගෙන් බැහැරව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ ආඔශාවෙන් තම ආත්මය විකුණූ හමීඩා නම් සුරූපී තරුණිය ද ඇතුළුව මෙහි එන සියලු චරිත පැහැදිලි ලෙසම, එවකට එනම් දෙවෙනි ලෝක යුදසමයේ කයිරෝවල පැවති ආත්මීය හදගැස්ම විදහා දක්වති. කෙනෙකු මෙය කියවා කාලයකට පසුව වුව ද, මේ චරිත ඔහුගේ සිත තුළ රැඳී පවතින්නේ නැවුම් ආකාරයක සුවඳ ඔහුගේ සිත තුළ රැඳී පවතින්නා සේ ය. මේ නවකතාවෙහි ගැබ්වන කරුණුවල ඇති විශ්වීයත්වය හා අකාලිකත්වය කිසිවකුටත් බැහැර කළ නොහැක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.