මිඩාක් පටුමඟ

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
midaq-patumaga-naguib-mahfouz-k-g-d-pushpakumara-subavi

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.

 

සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී නජිබ් මහ්යුස්ගේ පොහොසත් වර්ණිත කතා කීමේ කලාව මිඩාක් පටුමඟ නවකතාවේ තරම් දෘශ්‍යමාන වන ඔහුගේ වෙනත් කෘතියක් නොමැති තරම් ය. මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමඟක ජීවත්වූ නිවැසියන්ගේ ජීවත පුවත වටා කේන්ද්‍රණය වී ඇත. සයිටා නම් වූ ආබාධිතයන් තනන්නාගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍යවලට ඇලුම් කළ ක්‍රිශ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති ගිජුබව ආදරය යැයි වරදවා වටහාගත් අබාස් නම් වූ බාබර් ද, පටුමගෙන් බැහැරව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ ආඔශාවෙන් තම ආත්මය විකුණූ හමීඩා නම් සුරූපී තරුණිය ද ඇතුළුව මෙහි එන සියලු චරිත පැහැදිලි ලෙසම, එවකට එනම් දෙවෙනි ලෝක යුදසමයේ කයිරෝවල පැවති ආත්මීය හදගැස්ම විදහා දක්වති. කෙනෙකු මෙය කියවා කාලයකට පසුව වුව ද, මේ චරිත ඔහුගේ සිත තුළ රැඳී පවතින්නේ නැවුම් ආකාරයක සුවඳ ඔහුගේ සිත තුළ රැඳී පවතින්නා සේ ය. මේ නවකතාවෙහි ගැබ්වන කරුණුවල ඇති විශ්වීයත්වය හා අකාලිකත්වය කිසිවකුටත් බැහැර කළ නොහැක.

Author Naguib Mahfouz (3), කේ. ජී. ඩී. පුෂ්පකුමාර - k. G. D. Pushpakumara (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
More Information
ISBN 9786245774272
පිටු ගණන 337
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මිඩාක් පටුමඟ
Back to Top