Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මිදීම

මිදීම

About this book

කතුවරිය ගැන. . .

විද්‍යාවේදී (B.Sc) හා දර්ශනපති (M. Phil.) උපාධිධාරී ගුරුතුමියක ලෙසද කලක් ජාතික අධ්‍යාපනආයතනයේ සම්පත් පුද්ගලයෙකු හා දුරස්ථ ගුරු පුහුණු පාඨමාලාවේ ගුරු උපදේශකවරියක ලෙසද සේවය කළ අජන්තා වීරසිංහ මහත්මිය නොබෝදා ගුරු සේවයෙන් විශ්‍රාම ලබන විට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිනමනු ලබන ගුරු ප්‍රතිභා ප්‍රභා සම්මානයෙන් තෙවරක් පිදුම් ලැබ සිටියාය. (2014-2016)

ඇය ලද සමස්ත ලංකා මට්ටමේ අනෙකුත් ජයග්‍රහණ අතර ජාතික සාහිත්‍ය මහෝත්සවය වෙනුවෙන් පවත්වන තරගාවලියේ ගද්‍ය රචනා (විවෘත) දෙවන ස්ථානය (2007) උප්පලවණ්ණා සිනමා විචාර තරගයේ දෙවන ස්ථානය (2007) කලා පර්ෂදය මෙහෙයවූ කෙටි නාට්‍ය අත්පිටපත් තරගයේ ප්‍රථම ස්ථානය (2007) සුනිල් සාන්ත සමරු රචනා තරගයේ ප්‍රථම ස්ථානය (2007) ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය මගින් පැවැත්වූ පද්‍ය රචනා තරඟයේ ප්‍රථම ස්ථානය (2010) ආදිය වේ.

දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ වලටද හිමිකම් කියූ ඈ ජාතික සාහිත්‍ය තරඟාවලියේ 2006 හා 2013 වසරවලදී කෙටිකතා (විවෘත) අංශයේ තෙවන ස්ථානය ද 2009 දී ගීත රචනා (විවෘත) අංශයේ තෙවන ස්ථානය ද 2011 විචාර (විවෘත) අංශයේ තෙවන ස්ථානය ද දිනා ගත්තාය.

Room to read ආයතනයේ ළමා කථා වැඩමුළු සඳහා සහභාගී වූ ඇය ළමා කතා පොත් තුනක් ද කෙටිකතා පොතක් ද පළකොට ඇති අතර සමූහ පද්‍ය සංග්‍රහ තුනකට ද දායක වී තිබේ. ‛‛මිදීම” ඇගේ නවතම පද්‍ය සංග්‍රහයයි.

Details
ISBN
9786249558403
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මිදීම

Reviews are published once a member of our team has read them.