Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය

මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සහස්‍රක ගණනාවක් සැගව තිබූ රහසක්... ලෝකය වෙනස් කළ හැකි මාරාන්තික දෛවයකට මග පෑදිය හැකි තරම් බලවත් නිධානයක්!

ඊජිප්තුවේ දැවෙන කාන්තාර වැලි තලාව අතරේ අතීතයෙන් සඟවන්නට උත්සාහ කළ පාරාවෝවරයෙකුගේ නිධානයක් දක්වා විහිදෙන, මහා පාවාදීම් සහ ලේ වැගිරීම්වල සුළි කුණාටුවකට හිටපු සෙබළ බෙන් හෝප් යළිත් මැදි වේ. වර්තමානයේදී, එම නිධානයේ රහස සෙවීමට ගිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු අතිශය අමානුෂික ලෙස ඝාතනය කෙරේ.

අතීතයේ ඛෙන්ගේ පණ බේරාගත් හමුදා සගයෙකුගේ පුත්‍රයා වන මෙම මහාචාර්යවරයාගේ ඝාතනය ගැන සොයායාමට බාරගන්නා බෙන් හට, එම නිධානය සොයායන්නට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි.

මෙම ඝාතනය පිටුපස ඇති සත්‍යය සෙවීමට බෙන් හෝප් ඉදිරිපත් වූවද, ඔහුට අවසන ගැටෙන්නට සිදුවෙන්නේ සාමාන්‍ය සතුරෙකු සමග නොවේ. ලෝක ඉතිහාසය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට මාන බලන, බලගතු, අනුකම්පාවක් නැති, බෙන් හා උරෙන් උර ගැටිය හැකි, ත්‍රස්තවාදී නායකයෙකුට එරෙහිවය.

පැරණි සංකේත, අභිරහස් සිතියම් සහ මාරාන්තික උගුල් පසුකරමින් බෙන් හෝප්ට "මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය” වෙත ළගා විය හැකිද? නැතහොත් ඉතිහාසයේ අඳුරුතම රහස ඔහුත් සමගම වැළලී යනු ඇත්ද?

මිථ්‍යාව සහ යථාර්ථය අතර සීමාවන් බොඳ කරන, කියවා අවසන් වනතුරුම පොත බිම තැබිය නොහැකි තරම් කුතුහලයෙන් පිරි ස්කොට් මරියානිගේ (Scott Mariani) විශිෂ්ටතම ඓතිහාසික අබිරහස් නවකතාවේ සිංහල පරිවර්තනය.

ISBN
9786246743574
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිත්‍යාදෘෂ්ටිකයාගේ නිධානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.