Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මුහුලු මුක්තක (සියයක් සීගිරි පිළිවදන් ගී-කාව්‍ය)

මුහුලු මුක්තක (සියයක් සීගිරි පිළිවදන් ගී-කාව්‍ය)

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ස්වස්ති

හමුළ් මරු ජහස්සුයුහස්සන්‍දල්ලා,

තුරු ගල් කො හළ් හු මලගල්හි හැල්ලා,

ගණනින් මුත් කලබ් කළ තම්බළපල් (ලා)

පරැය දිගැස් ත දුන් හසුන් කුම් වාල් ලා.

අර්ථය

යහපතක් වේවා!

සුළඟ හැමී ය. දලු ආ දහස් සුවහස් (ගණන්) ගස් (බිම) පතිත විය. කොහා නාද කළේ ය. මලය පර්වතයෙන් (දිය) ඇලි නිකුත් විය. ගණන් නොමැති කඳෝකිමියන් විසින් රාත්‍රිය තඹවන් ළා දලු පැහැය (සහිත) කැරිණි. දිගැසිය! තා දුන් හස්න කවර ආධාරයක් සඳහා වේද!

මිහිරස

සුළඟ හැමී ය. දහස් සුවහස් ගස් පතිත විය. කොහා නාද කරමින් සිටියි. මලය පර්වතයෙන් දිය ඇලි ගලා හැලෙයි. ගණන් කළ නොහැකි තරමේ තඹ පැහැති ළපලු පීදේ. දිගැසිය, මෙවන් පරිසරයක නුඹේ හසුනින් පමණක් කවර පළයක් ද?

සීගිරි හිමයි - පිළි'මන

සුළන් හමයි, තුරු ඇහැරෙයි නුවන් විදල්ලා

කොවුල් ගැයුම් රිදී නදින් සවන පිනල්ලා

මලගල’ගින් රන් කෙඳි විසිරේ දෙතොල තෙමල්ලා

තඹ දලු නෑ! ඒ දිගැසි ලවන් මධු බීපල්ලා

ISBN
9786245774630
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුහුලු මුක්තක (සියයක් සීගිරි පිළිවදන් ගී-කාව්‍ය)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.