මුල් ගුරුතුමා
සිය පාසැල් ජීවිතය තුළ ඉගෙනීමත්, බාහිර වැඩත් අරබයා අපූරු ශූරත්වයක් පාන රණදේව දුකට පත් ගැමි දරුවන්ට, ගැමියන්ට පමණක් නොව, සතා සීපාවාට පවා එම දුක් පීඩාවලින් මිදීමට නිර්භය අධිෂ්ඨානයෙන් හා මානව දයාවෙන් යුතුව උදව් වෙයි. පනහ දශකයේ ඈත පිටිසර ගමක සිදු වන ඔහුගේ අව්යාජ වීර චාරිකාවේ චමත්කාරය සජීවී බසකින් හෘදයංගම ලෙස ඉදිරිපත් කිරීමට කතුවරයා දක්වා ඇති සමත්කම ප්රශංසනීය ය.
අමිතා රබ්බිඩිගල
රාජ්ය සම්මානලාභී ළමා සහ
යොවුන් නාට්යවේදිනී.
මෙහි කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ, බොහෝ සිදුවීම්වල පරිසර හා පසුබිම් තොරතුරු කතුවරයා නිර්මාණය කරගත් ඒවා නොව, සත්ය හා තථ්ය තොරතුරු සේ පාඨකයාට හැඟීයන අයුරින් ඉදිරිපත් කිරීමයි. එනිසා ම එම පරිසර විස්තර නිර්ව්යාජ හෝ කතුවරයාගේ අත්දැකීම් ලෙස දැනේ. ව්යක්ත රචනා විලාසයත්, නිවැරදි වියරණත්, කෘතියට ඇගයීමක් ලබා දෙයි.
- සමාප්ති සටහන - ගොඩගේ සාහිත්ය සම්මාන 2016
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.