නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම
විප්ලවවාදියකු සතු ජීවගුණය වන්නේ ස්වකීය ජීවිතයේ කවර දශකයකදී වුව යාවත්කාලීන තාරුණ්‍යයක ආත්මීයත්වය ප්‍රකාශමාන වීමයි. තාරුණ්‍යයේ පැතිමාන සියල්ලම නොනැසී පවත්වාගන්නට තරම් වන කායික මෙන්ම මානසික ශ්‍රමයක අඛණ්ඩ පැවැත්ම ජීවිතය විසින් අපේක්ෂා කෙරෙයි. ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා යනු එවන් විප්ලවවාදී පැවැත්මක් බව සලකුණු කරනට කිසිදු සංශයවාදී හැඟීමක් පහළ වන්නේ නැත.
වෘත්තීය සමිති නියාමකයකු ලෙසද, පත්තරකාර ගමන් සගයකු ලෙසද අපට අභිමුඛ වූ හැම තැනකම ස්වකීය ස්ථාවරය අතිශය සංයුක්තව, මෙන්ම තියුණුකර ලෙස තියුණු කටහඬින් පැවසීමට ඔහුට හැකි වූයේ මෙකී තිරසාරබව නිසාය. ඉදින්, ඔහු සහ අප අතර වන දශක තුනක් ඉක්මවූ සහෝදරත්වය සහ මිත්‍රත්වය මෙතරම් ගැඹුරුතර ලෙස රඳාපැවැත්මේ කේන්ද්‍රීය පදනම වන්නේ කොත්තිගොඩ සහෝදරයා සතු අනම්‍ය, අව්‍යාජ, අචපල දේශපාලනික ස්ථාවරය යැයි මට සිතේ.
සමකාලීන සමාජය මෙන්ම වමේ දේශපාලනය ගැඹුරින් තේරුම් ගන්නට නම් කොත්තිගොඩ සහෝදරයාගේ එවන් වූ ජීවන අඩංගුව සංගෘහිත 'නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම’ අත්‍යවශ්‍ය කියවීමක් වීම නිසැක බව මම ඔබට යෝජනා කරමි. එමෙන්ම, කෘතියෙහි නාමකරණයෙහි ‛මම’ යන්න රැඳවීම පවා ඔහුගේ ආත්මීය කැඳවීමකැයි මම සිතමි. සකල පරමාදර්ශී ඝනද්‍රව්‍ය, තනුක වී, වාෂ්ප වී ගිය සමයක, මෙසේ උත්තම පුරුෂය, ලෙළවා පෙන්වීම දේශපාලනික තීන්දුවක් බව ඥානනය කරගන්නට නම් ඥානසිරි කොත්තිගොඩ සහෝදරයාගේ දේශපාලන ජීවන ආඛ්‍යානය වෙත එළඹීම, මඟහැර යා නොහැකි සංසිද්ධියක් බව මම ඔබට අවධාරණය කරමි.
මංජුල වෙඩිවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.