මෙවන් සිතුවිලිවල සරමින් තණ පලස මත වැතිරී සිටි ඇය එක්වරම කය ඔසවා හිඳගත්තේ වේගවත් සුළඟක් හමා එන බව දැණුන නිසාය. සුළඟ මහ තැන්නේ උස ගස් හා මානා පඳුරු එකසේම අඹරවමින් වරක් හමා ගියේය.
ඉන්පසු මඳ සුළඟකුදු නැත.
අහස පුරා මළහිරුගේ තැඹිලි පාට ආලෝකය පැතිරී තිබුණි. ඒ තැඹිලිපාට ආලෝකය තැන්නේ තණපත් මතට වැටී ඉන් ඒවා දිලිසෙන්නට විය. ඒ සමඟම වාගේ වත්සලාගේ තියුණු නෙතට තවත් ආගන්තුක දසුනක් හසුවිණි.
ඇය සිටි ස්ථානයට බොහෝ දුරින් කිසිවෙක් තැන්න හරහා ගමන් කරයි. වත්සලාගේ නෙත හා සිත කුකුසින් පිරිණි. උස් තෘණ පඳුරු අතරින් ගමන් කරන රූපකායෙන් ඇයට දැකිය හැක්කේ උඩුකය පමණි. ඒ ද ඉතා දුරින්ය. ඒ ස්ත්‍රියකද නැතිනම් පුරුෂයෙකු දැයි නිගමනය කළ නොහැකි වුවද ඒ පුද්ගලයා මොට්ටැක්කිලියක් වැනි දෙයකින් හිස ආවරණය කොට ඇති සැටියක්ද කුදුවී හෝ දැඩිසේ බිමට නැවී ගමන් කරන ආකාරයක් ද ඈ දුටුවාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.