Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සමාජ විද්‍යාත්මක / මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

About this book

අනුරාධපුරය සීප්පුකුලම පාලුවැව ගම ඇසුරෙන් සිදුකළ සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයක් (2023)

අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප්‍රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප්‍රකට 'මුට්ටි මංගල්ලය' තද් ප්‍රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රය අරභයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත ‘මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන' නම් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය තව දුරටත් මානව වංශ සංගීත විද්‍යාල ජනශ්‍රැතික විද්‍යාවල සමාජ මානව විද්‍යාවල සමාජ විද්‍යාව විෂය ක්‍ෂේත්‍ර පෝෂණය කිරීමට දායක වන්නේ මෙවැනි පසුබිමකයි. චිරාත් කාලයක් සමාජයේ නොනැසී පවත්වා ගෙන එනු ලබන වැව, කෘෂි ජීවනෝපාය සහ ස්වභාව ධර්මය සමඟ බැඳුණු සම්ප්‍රදායික ජන විශ්වාස මත පදනම් වූ මුට්ටි නැමීමේ මංගල්ලය ගැන ගැඹුරු විචාරාත්මක කරුණු අතිශයින් දුර්ලභ වේ. සමාජ වෙනස්වීම් හා පරිවර්තන ක්‍රියාවලීන් අභිමුඛව හිඳින සමාජයක සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ ගවේෂණය ප්‍රශංසනීය දෙයකි. මෙවැනි මහඟු විශ්වාස පද්ධති ලේඛණ ගත කිරීමෙන් එහි සුරක්‍ෂිතතාව මෙන්ම අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රවේශයක් ද සපයයි. මෙවැනි පිරිපුන් ශාස්ත්‍රීය පර්යේෂණ තව දුරටත් එළි දක්වනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.

සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක

Ph D. (SJP), MA (SJP), B.F.A. (KLN), Diploma-Kathak (India) නර්තන හා නාට්‍ය කලා පීඨය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කොළඹ 07.

ISBN
9786246446840
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.