Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / නාඩි

නාඩි

About this book

කාව්‍ය වනාහි මිනිස් ජීවිතය පිළිබඳව සූක්ෂ්ම විවේචනයකි. කිවිවර මැතිව් ආර්නෝල්ඩ් එසේ පවසා ඇත. ඒ අතර ඇරිස්ටෝටල් පවසා ඇත්තේ කාව්‍ය වනාහි 'ඉතාම දාර්ශනික වූ ලේඛනය' බව ය.

දහසක් දෙනා කවිය පිළිබඳව දහසක් නිර්වචන දේ. එසේ නමුත් කවිය යනු මෙ යැයි නිසි අර්ථකථනයක් අපට ලොව කොතැනකින් හෝ සොයාගත නොහැක්කේමය.
කවියකට අකුරු අමුණන කවි සිත් ඇත්තෝ අප අතර අල්පය. එවැන්නෙක් අපට හමුවේත් නම් සැබවින්ම ඒ අහඹුවක් ම ය.

'කඩි-මුඩි ගමන
දඩි-බිඩියේම ගොඩවන
හොරහින් මදෙස බලමින්
හැඩ වැඩ ගැන හොයන....'

ඒ, 'නාඩි' නම් සිය ප්‍රථම කවි පොත සමග හෙළ කවි කෙතට හාහපුරා කියා පිවිසෙන චතුරිකා මද්දුමාගේ කිවිඳියගේ 'සෝභාවේ කැඩපත'නම් අපූරු කෙටි කවෙහි කොටසකි.
පාසල් වියේ යහළු යෙහෙළියන් වෙනුවෙන් බොහෝ අයගේ සමරු පොත්වල කවි ලියූ චතුරිකා, උසස් පෙළ උගනිද්දී කේවල ව්‍යාපෘතිය අරබයා නිසඳැස් පද්‍ය සංග්‍රහයක් නිර්මාණය කළාය. කාර්යබහුල බිරිඳක වූවායැයි ඇය සිය පන්හිඳ අත නොහැරීම කවි ලියන, කියවන අපට මහත් සතුටකි. ඒ කාන්තා ශක්තියම කොතරම් අගිද?

ඉදින්, ඇය ශ්‍රී ලාංකේය කවි උයනට අලුතින්ම එක්වන කුඩා කවි පැළයකි. ඇය සතු ජානගත කවි සිත සතත අභ්‍යාසය තුළින් පෝෂණය කරගන්නේ නම් හෙට දවසේ ඇය මුදු සුවඳ විහිදුවන පුෂ්පයන්ගෙන් සැදි තුඟු රුකක් වනු නිරනුමාන ය. ඒ සඳහා ඇයට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නිරන්තරවම නොඅඩුවම ලැබේවා!

-සුනිලා විජේසිංහ-

ISBN
9786245865383
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නාඩි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.