නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය
නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය
එස්. චන්ද්‍රසිරි දසනායක
THE LEGEND OF THE MAN WITH NO NAME
FRANK CHANDLER & JOE MILLARD
අතක් පුරා ඩොලර්
අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ.
පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය.
තමා ගේ ජීවිතය ආංශුමාත්‍රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත්‍රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි.
රන් ඩොලර් දඩයම
ටූකෝ, සොරෙකි - මං පහරන්නෙකි. තෑගි පෝස්ටර්වල මතා ගේ නම සඳහා සුළු මුදලක් සඳහන් කිරීම පිළිකුල් කරන ඔහු බිහිසුණු ටූකෝ යන නමට උචිත ප්‍රසිද්ධියක් අපේක්‍ෂා කරන, දරුණු ක්‍රියා හා අපරාධ කිරීමට පෙරුම් පුරන්නෙකි.
ටූකෝ සහ නමක් නැති මිනිසා හමුදාවේ අතුරුදහන් වූ රන් ඩොලර් ලක්‍ෂ දෙකක් පසු පස හඹා යති. කුලියට මිනීමරණ සෙන්ටෙන්සාත් මෙම රන් ඩොලර් හඹා එන බවක් ඔවුන් දැන ගන්නේ පසුව ය.
දෙවියන් ඉදිරියේ අශුද්ධයින් වන මෙම තිදෙනා, රන් ඩොලර් සොයමින්, යුද ගින්නෙන් විනාශයට පත් ප්‍රදේශවල සැරිසරමින් රන් වළලා ඇති සැඩ් හිල් සොහොන් බිම කරා පැමිණිය ද රන් ඩොලර් රැගෙන සෑඩ් හිල් සුසාන භූමියෙන් පිට වන්නේ එක් අයෙක් බව තිදෙනාම දැන සිටියහ.
මරණයට මිලක්
"ජීවිතයක අගයක් නැති ඇතැම් අවස්ථාවල, මරණය සඳහා මිළක් විය; මිනිස් දඩයම් කරුවන් බිහි වූයේ එහෙයිනි.” (Where The Life had No Value, some times death had it's price. That's why the Bounty Killers appeared.) අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන නමක් නැති මිනිසා එල් ඉන්දියෝ නමැති බිහිසුණු අපරාධකරුවා දඩයම් කිරීම සඳහා ඔහු පස පස හඹා යයි. ඔහුට මෙතෙක් තරගකරුවකු සිටියේ නැත. කැරොලිනාවේ සුප්‍රකට වෙඩික්කාරයා වූ කර්නල් ඩග්ලස් මෝටිමර් තමා ගැටෙන්නට සිටින බවක් නමක් නැති මිනිසා දැන සිටියේ නැත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.