Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / නාට්‍ය කලාවේ මූලිකාංග
About this book

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් 2016 වසරේ දී ලලිත කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පන්ති සාමාර්ථයක් ද, 2019 වසරේ දී ලලිත කලා ශාස්ත්‍රපති උපාධිය ද, හිමිකර ගත් තරිඳු බණ්ඩාර මහතා විසින් විරචිත ‘නාට්‍ය කලාවේ මූලිකාංග’ නම් වූ කෘතිය පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයකි.

අද්‍යතන අවධිය තුළ ශ්‍රී ලාංකේය නාට්‍ය හා රංගකලාව පිළිබඳ පවතින අවධානය මෙන්ම උනන්දුව ද මීට දශක කිහිපයකට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් වී ඇති බව පෙනීයයි. ‘නාට්‍ය’ යනු සංස්කෘතික කලාවකි. සංස්කෘතික කලාව යාතුකර්ම, ඇදහිලි යනාදියේ සම්මිශ්‍රණයෙන් බිහි වන්නකි. ලොව ඉපැරණිතම කලාවන් අතර ප්‍රමුඛස්ථානයට පත් වේදිකා නාට්‍ය වනාහි බොහෝ කලා මාධ්‍යයන්ගේ එකමුතුවක් නැතහොත් මාතෘ කලාවක් සේ ද ගැනෙයි. එවන් වූ විදග්ධ නාට්‍ය කලාවේ ආරම්භයේ සිට වර්තමාන විකාශනය දක්වා තත් විෂය පථය පිළිබඳ කතුවරයා පුළුල් අධ්‍යයනයක යෙදී ඇති බව ප්‍රත්‍යක්ෂ ය.

ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හා ලිපි ලේඛන ගණනාවක් මේ වන විට ලියා පළ කර ඇති මෙම කෘතියේ කතුවරයා මෙවර තම අවධානය යොමු කරන ලද කෘතිය නාට්‍ය හා රංගකලාව පිළිබඳ මූල ග්‍රන්ථයක් ලෙසින් ද හැඳින්විය හැකි ය. මෙම කෘතිය ශ්‍රී ලාංකේය නාට්‍ය කේෂත්‍රයේ නියැළී සිටින සියලුම කලා ශිල්පීන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් මෙන්ම පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමෙහි ලා අතිශයින් යෝග්‍ය වූ පාඨ ග්‍රන්ථයක් ලෙස සඳහන් අතරම මෙම ඵලදායක ශාස්ත්‍රීය කාර්යය වැර වෑයමින් ඉටු කළ කතුවරයාගේ අනාගත ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවලට ඉත සිතින් සුභාශිර්වාද පළ කරන්නෙමි.


ආචාර්ය ජනක කෝට්ටගොඩ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
නර්තන රංගකලා ඉතිහාසය සහ සිද්ධාන්ත අධ්‍යයනාංශය
නර්තන හා නාට්‍ය කලා පීඨ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය - කොළඹ 07.

ISBN
9789553122568
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නාට්‍ය කලාවේ මූලිකාංග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.