නැවත උපන්නෙමි
සිංහල පුවත්පත් පාඨකයන් අතර යසවර්ධන රුද්රිගු යන නම නොහඳුනන අය සිටියහොත් ඒ අල්ප වශයෙනැයි මම විශ්වාස කරමි. වසර හතළිහකට අධික කාලයක් තිස්සේ දිවයිනේ පුවත්පත්වලට ගද්‍ය පද්‍ය නිර්මාණ සපයන යසවර්ධන මේ වනවිට ලියා ඇති විශේෂාංග සංඛ්‍යාව දහස ඉක්මවයි. ඔහුගේ සරල සුගම බස්වහර මම කවදත් අගය කරමි.
ග්‍රන්ථ තිස් පහක කතුවරයකු වන ඔහුගේ 'විපිරියාසය' නවකතාවට ඩී.ආර්. විජයවර්ධන සම්මානය හිමිවූ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙහෙයවූ දීපව්‍යාප්ත අත්පිටපත් තරගයකදී ‘බලාපොරොත්තු’යන නවකතාව ජයග්‍රහණය කළේය. ඔහුගේ ‘දූ දරුවෝ’ නවකතාව සහ ‘අපි මොකටද රණ්ඩු වෙන්නේ’ යන ළමා කතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ කෙරිණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමුවන පංතියේ නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ හේ මේ වනවිට ලක්බිම පුවත්පතේ ජ්‍යෙෂ්ඨ උපකර්තෘ ලෙස සේවය කරයි. ඔහුගේ කලා දිවියට මගේ සුබපැතුම් හිමිවේ.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.