නෙල්ලි කැලේ වීරයෝ
'නෙල්ලි කැලේ වීරයෝ' කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නව කතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන 'ගල්ගේ කන්ද' , 'වන රජ දහන' හා 'සමුදුරු මේඛලා' යන කෘතීන්ගෙන් 'වන රජ දහන' කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. 'සමුදුරු මේඛලා' ද දැනට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇති අතර ඉදිරියේ දී මුද්‍රණයෙන් නිකුත් කිරීමට නියමිතය.
'නෙල්ලි කැලේ වීරයෝ' කෘතිය රචනා කළ නිමල් බණ්ඩාරයන් 2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියකු ලෙස සේවයට එක් විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස මහජන චීන සමූහාණ්ඩුව, නෙදර්ලන්තයහා පකිස්ථානය යන රටවලසේවය කළ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.