නිධන් දූවේ ළමා වික්‍රමය
සාහිත්‍ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස "නිධන් දූවේ ළමා වික්‍රමය” මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.
එසේම මෙම සිසුවා විසින් සිය ජීවිතයේ නිර්මාණාත්මක පැතිකඩ වෙනුවෙන් සිදු කළ මෙම උත්සාහය සෑම අතින් ම අගය කළ යුතු අතර මෙම නිර්මාණයේ ඇති රුව ගුණ මෙන් ම ඌනතා ද වටහා ගනිමින් යා යුතු ගමනක් මේ පුතුණුවන්ට ඇති බව කිව යුතු ය. අර්ථසම්පන්න මෙන් ම අපූර්වත්වයෙන් අනූන සාහිත්‍ය නිර්මාණ කිරීම අසීරු කරුණකි. එසේ බලන විට දේශීය මෙන් ම ජාතික මට්ටමින් එවැනි කෘති එළිදැක්වෙනුයේ ඉතා කලාතුරකිනි. මෙම කතාන්දරය තුළින් ළමුන් හා සම්බන්ධ ත්‍රාසජනක සුන්දර අත්දැකීම් පෙළක් විකාශනය වන අතර එමගින් ළමුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ සිතුවිලි ද අපූරු ලෝකයකට ගෙන යන බව විශේෂයෙන් කිව යුතු ය.
මෙම නිර්මාණය අර්ථසම්පන්නව සමාජයට දායාද කළ කළුතර සිරි කුරුස විදුහලේ 10 වන ශේණියේ ඉගෙනුම ලබන යොහාන් ආකාශ් පුතුණුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරන අතර ම ඔබගේ මෙම නිර්මාණ ජිවිතය දිනෙන් දින තවදුරටත් පෝෂණය වේවායි ආදරණීය හදකින් ශුභාසිංශනය කරමි.
රොමේෂ් කිත්තන්ගොඩ,
ගෞරව ශාස්ත්‍රවේදී (විශේෂ),
ශාස්ත්‍රපති, දර්ශනපති,
කථිකාචාර්ය (බාහිර),
කැළණිය විශ්වවිද්‍යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.