මළනොමළ සිටුවරයා
මළනොමළ සිටුවරයා
කාපීතියානු කඳුකරයේ විසූ සිය දහස් ගණනක් වූ වෘකයන්ගේ අඳෝනාත්මක විලාප රාවයන් පරයමින් විශාල හඬක් නඟමින් සෙරිත් නදියට සමාන්තරව විහිදී පැවති පුළුල් වීථිය ඔස්සේ වේගවත්ව ඉදිරියට ඇදී එමින් පැවැතියේ රෝද හතරේ දැවැන්ත අස් රියකි. එපමණක්ද? නැත. ඒ තුළ මාරාන්තික සටනකට අවතීර්ණ වී සිටියේ අන්ධකාර ලෝකයේ රජු හෙවත් කවුන්ට් ඩ්‍රැක්‍යුලා සහ මනුෂ්‍ය ලෝකයේ ඔහුගේ පරම සතුරා වූ මහාචාර්ය ලෝරන්ස් වෑන්හෙල්සින් ය.
කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවැතිණි. ඒ මත සැතපී සිටි ලෝරා කොතරම් භීතියට පත්ව සිටියේද යත් ඇයගේ මනස නිර්වින්දන තත්ත්වයට පත්ව තිබිණි. රුධිරයෙන් තෙත් වුණු සිය නිරුවත් සිරුර දෙස ඇය නෙත් හෙළුවද කළ යුත්තේ කුමක් දැයි ඇයට වටහා ගත නොහැකි විය.
රාක්ෂ බන්ධන
......... බොහෝ වේලාවක් ලාලිත්‍යවත් රංගනියේ නිරත වූ එම ආලෝක ලප ත්‍රිත්ත්වය දෙවනුව ජනෙල් කවුළුවේ පඩිය මතට ද අවසානයේ කුටිය තුළට ද පිවිසියේ ය. ජොනෙතන් ඇසිපිය නොහෙළා ඒ දෙස බලා සිටියේ මෝහනයට පත්වූ කලෙක මෙනි.
ක්‍රමයෙන් එම ආලෝක ලප ත්‍රිත්ත්වය මනුෂ්‍ය රූප තුනක් බවට පරිවර්තනය වන අයුරු ඔහුට පෙනිණි.
අවසානයේ ඔහුගේ නෙත් ඉදිරියේ දෘශ්‍යමාන වූයේ අනුරාගයේ ප්‍රතිමූර්ති බඳු යුවතියෝ තිදෙනකි. ඉන් ලා රෝස පැහැ දුහුල් ගවුමකින් සැරසී හුන් රන් පැහැති අක්බමරු කේශ කලාපයෙන් යුත් යුවතියගේ රත් පැහැ පිරුණු දෙතොල කඩවසම් ජොනෙතන් දැක නොසන්සුන් අයුරින් පොපියන අයුරු දර්ශණය විණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.