නිරුවත් මොණරු
දන්නවද ඇයි කියලා පිරිමි ඔච්චර හොදට ඉන්නේ... නෑ නේ...
සංසාරේ පුරාම, මුළු ලෝකේ පුරාම පිරිමි ඉපදුණා, හැදුණා, වැඩුණා, රජ වුණා, චුද වුණා...
ඇයි දන්නවද? හොරා ගැහුවත් ගෑනු අඬ අඬා හරි ඉවසපු නිසා...
පපුව පැළෙන්න හිනා වෙලා ගෑනු දරා ගත්ත නිසා... ආදරේ කරපු නිසා...
ඔයත් එහෙම පිරිමියෙක්... ඔයා සල්ලි හම්බ කරා... ඔයාගේ අරමුණුවලට ගියා... ඇයි?
පපුව පැලිලා ලේ එද්දිත් මං දරා ගත්ත නිසා...
ආදරේ කළ නිසා... අදත් ඔයා ජීවත් වෙන්නේ ඒකයි...
වෛර කළත් වෛරයට වඩා මං ආදරේ කළ නිසා..
යුගාන්දි විහාරා
සංසාරේ කියන්නේ චක්‍රයක් සුදු බබා...
අපි හම්බවෙනවා... හිමි වෙනවා... වෙන් වෙනවා...
බැඳීම් අත අරිද්දි මිනිස්සු නිවෙනවා වගේම ඇවිලෙනවා...
බැඳීම් අල්ලන් ඉද්දි මිනිස්සු නිවෙනවා වගේම ඇවිලෙනවා...
අල්ලන් ඉද්දී මං ඇවිලුණා... මට ඕන නිවෙන්න... අත ඇරලා නිවෙන්න...
ඔයාව නෙමේ... අපේ දරුවෝ නෙමේ... මාවම... මට අත අරින්න ඕන මාවම...
ඒත් බැහැ... මට තේරෙනවා දැන්... මං සංසාරේට, බැඳීම්වලට බැඳුණු මිනිහෙක්...
මව නිවන තව කල්ප ලක්ෂයක්වත් දුර ඇති...
අහන්නකෝ... මං යන්නේ නෑ කොහෙවත්... ඔයාවයි...ඩොලිවයි...
අපේ බබාවයි දාලා මං කොහෙවත් යන්නේ නෑ...
අඩුම මගේ පණවත් අත අරින්නේ නෑ... ම්ම්... හරිද?
දිනාර් ශෂීන්ද්‍ර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.