නොනවතින දඩයම
ක්‍රි.පු. 1 වන ශතවර්ෂයේ විසූ ස්පාර්ටකස් ටත්, 20 වන ශතවර්ෂයේ ඉතාම අඩු ලංසුවකට වහල් සංස්කෘතිය හා ජීවිතය ගැට ගසා ගත් මිනිසුන්ගේ නිදහස හා අයිතීන් වෙනුවෙන් තීන්දු, තීරණ ගත් 19 වන 20 වන ශතවර්ෂයන්හි විසූ ජන නායකයන්ටත්, අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදූ වූ ශත වර්ෂ ගණනාවක් ඉපැරණි මෙම නොපෙනෙන බලවේගය කුමක් විය හැකිද?
ලෝක දේශපාලන බල අරගලයේ අදිසි හස්තයක් සේ ක්‍රියාත්මක වන වර්ණ භේදයට (කළු-සුදු භේදය) හා වහල් මෙහෙයට එරෙහිව සටන් වැද, තම ජීවිතයෙන් වන්දි ගෙවූවන්ගේ ජීවිතයේ ඇතුළාන්තය හා බැඳුණු බොහෝ දේ තිබේ.
ඝාතකයා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සත්ත්වයාගේ අවජාතක දරුවෙකි.
මිනිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මළපුඩුවෙන් බැඳ, ජඩ තත්ත්වයට ඇද දමන උපක්‍රමශීලි සොඳුරු සත්වයාත් ඔහුය.
සමානාත්මතාවය, සහජීවනය යන සොඳුරු වදන් ඝාතකයාගේ හෙළුව වසාගත් අරුමෝසම් සළුපිළි වැන්න.
මානව සංහතිය පුරා විහිදී යන සාහාසික අරගලයක ඇතුළාන්තය හෙළි පෙහෙළි කරමින් ඝාතකයාගේ අරුමෝසම් සළුපිළි ඉවත් කර ලොවට එහි සත්‍යය එළි දැක්වීමට කතුවරයා විසින් ගනු ලැබූ පර්යේෂණාත්මක ප්‍රයත්නයක් ලෙස මෙම කෘතිය අගය කළ හැක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.