'' තමා අඳුර තුළට, ඔහුගේ රන් - දුඹුරුවන් සිරුර මතට ඇද වැටෙන බව ඇයට හැගුණු මොහොතේ ම, ඔහු ඈ වෙතට පැන, ඔහුගේ හුස්ම නවතිනතුරු, ඉතා උණුහුම්, ඉතා ඉක්මන් හාදු වැස්සකින් ඈ නැහැවූයේය. ඔහු ඇගේ කන පිටුපස, ඇගේ ඇහි පිහාටු, ඇගේ ගෙල සහ උරහිස් සිප ගත්තේය. ඇගේ දෑස් අන්ධ වී, කන් බිහිරි වී, සියලු සංවේදනා වියැකී ගියේය. හැම හාදුවක්ම, වයින් උගුරක් මෙන් ඇගේ සිරුර තව තවත් උණුසුම් කළේය. හැම හාදුවක්ම ඇගේ දෙතොල් තව තවත් ගිනියම් කළේය. නමුත් ඇගේ ඇඳුම ඔසවන්නට හෝ, ඇගේ ඇඳුම උනා දමන්නට සැරසුණු බවක් ඔහු පෙන්වූයේ නැත.”
"සමකාලීන සාහිත්‍යයේ වැදගත්ම ලේඛිකාවකි.” -Newsweek
නෝමැන්ඩි වෙරළ තීරයේදී හමුවන ආගන්තුකයන් දෙදෙනෙකුගේ සිට, ප්‍රසිද්ධ ස්ථානයකදී හදිසියේ තෘප්තියට පැමිණෙන ගැහැනියක් දක්වා, අනයිස් නින් ගවේෂණය කරන අනුරාගයේ සියලු ස්වරූප මේ කෙටිකතා තුළ අපට හමුවෙයි. හැඟීම් අවදි කරන, ප්‍රබල, විශිෂ්ට ලෙස ශෲංගාරාත්මක ඒවා ලිංගිකත්වයේ සහ සරාගීත්වයේ අබිරහස් ලෝකය වෙත දිවෙන වික්‍රමාන්විත චාරිකාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.