නුවරට යනකං රීලෝඩ්
“අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු” යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත්‍ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප්‍රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත්‍ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටිකතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත්‍ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අපද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත්‍යාංගය වත්මන් පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට වෙසෙසින් උත්සාහ කළ යුතු ය.
මෙය රූපා ශ්‍රියානි ඒකනායක ගේ දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. වත්මන් සිංහල
නවකතාකරුවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින ඇය පාඨක හා
විචාරක ප්‍රසාදය දිනාගෙන ඇති සම්මානනීය ලේඛිකාවකි. සමකාලීන සමාජයේ
විවිධ සිද්ධීන් වරෙක සියුම් උපහාසයටත්, තවත් වරෙක අසීමිත දයානුකම්පාවටත්
බඳුන් කෙරෙමින් විරචිත මෙහි එන කෙටි කතා ද පාඨක මනසේ මහත් ආනන්දයක්
ජනිත කිරීමට සමත් වනු නොඅනුමාන ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.