සෙංකඩගල මහ බිසෝ

Special Price රු. 1,147.50 Regular Price රු. 1,350.00
In stock
SKU
senkadagala-maha-biso-roopa-shriyani-sooriya

කුසුමාසන දේවිය නමින් ද ප්‍රකට වූ දෝන කතිරිනා බිසව 

උරුමයෙන් ම තමන්ට හිමි වූ කිරුළ නිසා අනේකවිධ දුක් 

ගැහැටවලට බඳුන් වූ රජකුමරියකි. උඩරට සිංහල වංශකථාවේ 

ශෝචනීය සිද්ධි දාමයක් නිරූපණය කෙරෙන 'සෙංකඩගල මහ බිසෝ' 

නමැති මෙම නවකතාව ලිවීමේදී කතුවරිය මහත් වූ දයාවෙන් යුතුව 

කුසුමාසන දේවිය ගේ චිත්ත තත්ත්වය විවරණය කරයි. මනුෂ්‍යත්වයේ 

සෑම ස්වරූපයක් ම ගැඹුරින් ස්පර්ශ කරයි. මෙය වරෙක කියවන්නා තුළ 

ආනන්දයක් ද, වරෙක ඇස කඳුළක් ද නැංවීමට ද සමත්වන්නේ ඒ හේතුවෙනි. 

කඳුකර රජදහනේ විසිතුරු සිත්තමක් බඳු මෙම නවකතාව තුළින් අපූර්ව 

චමත්කාරයක් පාඨක මනසේ ජනිත වෙයි. 

 

බුද්ධියට මෙන් ම හදවතට ද එක සේ ආමන්ත්‍රණය කරන 

මෙම නවකතාව තුළින් මතු වන්නේ ඉතිහාසයේ සැඟව ගිය 

කුසුමාසනදේවිය ගේ සංවේදී චරිතයේ ගති සොබාවයි. 

 

රූපා ශ්‍රියානි ඒකනායක ගවේෂණශීලී ලේඛිකාවකි. 

නවකතාවේ එන චරිත ප්‍රතිනිර්මාණයේ දී ඓතිහාසික 

මූල සාධක අර්ථාන්විතව ගලපා ගන්නා අයුරින්ම ඇයගේ 

ප්‍රතිභාව හා ස්වීයත්වය වඩාත් කැපී පෙනෙයි. ඇය අතින් 

ලියැවුණු සිටුවර පුවත නවකතාවට 2012 වසරේ ස්වර්ණ 

පුස්තක සම්මානය හිමි විය.

Author රූපා ශ්‍රියානි ඒකනායන - Roopa Sriyani Ekanayake (9)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789558892920
පිටු ගණන 350
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සෙංකඩගල මහ බිසෝ
Back to Top