Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙංකඩගල මහ බිසෝ

සෙංකඩගල මහ බිසෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කුසුමාසන දේවිය නමින් ද ප්‍රකට වූ දෝන කතිරිනා බිසව 

උරුමයෙන් ම තමන්ට හිමි වූ කිරුළ නිසා අනේකවිධ දුක් 

ගැහැටවලට බඳුන් වූ රජකුමරියකි. උඩරට සිංහල වංශකථාවේ 

ශෝචනීය සිද්ධි දාමයක් නිරූපණය කෙරෙන 'සෙංකඩගල මහ බිසෝ' 

නමැති මෙම නවකතාව ලිවීමේදී කතුවරිය මහත් වූ දයාවෙන් යුතුව 

කුසුමාසන දේවිය ගේ චිත්ත තත්ත්වය විවරණය කරයි. මනුෂ්‍යත්වයේ 

සෑම ස්වරූපයක් ම ගැඹුරින් ස්පර්ශ කරයි. මෙය වරෙක කියවන්නා තුළ 

ආනන්දයක් ද, වරෙක ඇස කඳුළක් ද නැංවීමට ද සමත්වන්නේ ඒ හේතුවෙනි. 

කඳුකර රජදහනේ විසිතුරු සිත්තමක් බඳු මෙම නවකතාව තුළින් අපූර්ව 

චමත්කාරයක් පාඨක මනසේ ජනිත වෙයි. 

 

බුද්ධියට මෙන් ම හදවතට ද එක සේ ආමන්ත්‍රණය කරන 

මෙම නවකතාව තුළින් මතු වන්නේ ඉතිහාසයේ සැඟව ගිය 

කුසුමාසනදේවිය ගේ සංවේදී චරිතයේ ගති සොබාවයි. 

 

රූපා ශ්‍රියානි ඒකනායක ගවේෂණශීලී ලේඛිකාවකි. 

නවකතාවේ එන චරිත ප්‍රතිනිර්මාණයේ දී ඓතිහාසික 

මූල සාධක අර්ථාන්විතව ගලපා ගන්නා අයුරින්ම ඇයගේ 

ප්‍රතිභාව හා ස්වීයත්වය වඩාත් කැපී පෙනෙයි. ඇය අතින් 

ලියැවුණු සිටුවර පුවත නවකතාවට 2012 වසරේ ස්වර්ණ 

පුස්තක සම්මානය හිමි විය.

ISBN
9789558892920
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙංකඩගල මහ බිසෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.