උන්මාද තොටමුණ
මෙතෙක් කල් රොබෝවරුන් විසින් සැම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැඳීම්වලින් තොරව, රොබෝවරුන් ගේ රතු හා නිල් පාට විදුලි ඇස්වල බැල්මෙන් තොරව, නිමේෂයක් පාසා ඇසෙන බීප් හඬේ කන්කරච්චලයෙන් තොරව, ඇඟිලි තුඩු අග්ගිස්සේ නැටෙනා බොත්තම්වලින් විනිර්මුක්තව, නූල කඩාගත් සරුංගලයක් සේ පාවෙමින් සිටින්නෙමි. යකඩ මිනිසුන් ලවා මාගේ ඉරියව් පාලනය කරනා කැල්වින් ලා මෙහි නැත. මෙය කෙතරම් නිදහස් ලෝකයක් ද? ඇල්බර්ටා විසින් මා තල්ලු කොට ඇත්තේ මා විසින් දිගු කලක් සොය සොයා සිටි මා ගේ ම නිදහස කරා නොවේද? ජාත්‍යන්තර මාධ්‍යවලින් හඬ ගා කියැවෙනා ආසියාකරයේ ගරා වැටුණු කොදෙව්වක් වූ තම්බපණ්ණිය මට මේ සා ප්‍රීති ප්‍රමෝදයක් අත්කර දෙන්නේ ඇයි? ක්‍රිෂ්ණා කියා දුන් ශූන්‍යත්වය නමැති සිතේ ඇති වන ප්‍රීති ප්‍රමෝදය මෙය විය නොහැකි ද?
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.