අරුණෝදයේ හැන්දෑව
..අනෙක් අතට ප්‍රේමයෙන් පරාජය වී දුක් විඳින පිරිමින්, හා ගැහැනුන් දැන් සොයාගැනීමට අපහසු ය. ආදරයේ සඳළුතලයේ පෙම් කෙළිමින් සිට, ඒවා එපා වූ විට එයින් බැස දිව එන මොහොතේ ම නැවත බදාගෙන ආදරය කිරීමට, සිප වැලඳගැනීමට, දැක පැහැදුණු දින දෙක තුනකින් ම හෝටල් කාමරයකට ගොස් කාම සුඛල්ලිකානුයෝගයේ ගිලීමට එකඟ වන ගැහැනුන් හා මිනිසුන් ජංගම දුරකතන ඔස්සේ පෙළගැසෙමින් එති. ඩිජිටල් මේඝදූතයන් අහුරු පිටින් ඇති බැවින් දුක් සුසුම් හෙලන කාලිදාසලා දැන් නැත. - මධුර
මා කුඩා හෝටලයක විසිතුරු මාළුන් නළියන මාළු ටැංකියක් ඉදිරියේ ඇති සුව පහසු අසුනක වාඩි වී දිනක් ඔහු එනතුරු බලා සිටියේ මා සිතූ ආදර ලෝකයේ කිරණ කවදා හෝ උදා වේ යැයි මහත් අභිරුචියෙනි. ඒ වන විට මධුර මගේ ලෝකයේ සිටියේ උඩ එමින්, යට යමින් හැංගිමුත්තම් කරමිනි. හැම විට ම නීති පනවන, උපහැරණි දෙසන, ගැහැනු බඹසර ගැන මහ ඉහළින් හිතන මධුර වැනි මෝඩයන්ට මා වහ වැටුණේ ඇයිදැයි සිතුණු කාලයකි එය.. - සේමානි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.