Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පහන්සිළ නුඹ මගේ

පහන්සිළ නුඹ මගේ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"ඔයා මගේ කියන එකේ තේරුම ඔයා අනිත් අය එක්ක තියෙන සම්බන්ධකම් ඔක්කොම අතෑරලා දාන්න ඕනේ කියන එක නෙවෙයිනේ... අනික ඔයා හම්බ වෙන හැම ගෑණු ළමයටම මගේ තැන දෙන්නේ නෑනේ නේද..?" ඇයගේ හඬ වෙව්ලුවේ නැත. "මාව එච්චර විශ්වාස කරනවද..?" සුනෙත් ඇසුවේ ඒ කොපුලක් වැසෙන්නට සුරත තබා ඒ දෑසට එබෙමිනි.

"ම්.. මටත් වඩා.. හිතනවද එහෙම නැත්තන් මං මේ හිත ඔයාටම දෙයි කියලා..?" ඇය තිර හඬින් ඇසුවේ ඒ දෑස දෙසම බලාගෙනය..

"ඒත්.. මං.." සුනෙත් කියන්නට ගිය දේ නැවතුණේ නෙතු ඔහුගේ ලය මත අත තබමින් දෙනෙතට එබෙද්දීය.

"ඔයා ගුරුවරයෙක්.." ඇය කීවේ හඬ බර කරමිනි.

"දවසට දහස් ගානක් ගෑණු ළමයි එක්ක කතා කරන්න වෙනවා... ඒ වගේම හොඳ යාලුවෙක්... සහෝදරයෙක්... දරුවෙක් විදියටයි හැමෝම ඔයාව අඳුනගෙන ඉන්නේ. ඔයාට අනික් අය එක්ක තියෙන සම්බන්ධකම් මං නිසා වෙනස් කරන්න බෑ.. එහෙම කරන්න ඕනෙත් නෑ.. ඒ හැම වෙලාවකම.. අපි දෙන්නට දෙන්නා සීමාවක් නැතුව ආදරෙයි කියන එක ඔයා මතක තියාගෙන ඉන්නවා කියලා මං දන්නවා.. හරියට අනික් හැම දේකම සීමාව ඔයා දන්නවා වගේම..."

ISBN
9786245605033
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පහන්සිළ නුඹ මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.