පාලින්ද නුවර ජනකතා
කළුතර දිස්ත්‍රික්කයේ, තවමත් ගැමි සුවඳ වහනය වන පාලින්දනුවර ප්‍රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ්‍යවේදියෙකි.තමාට ම ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය ඇලි වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්දනුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ. වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකු වන දුමින්දට ගැමි ජනතාව සහ පරිසරය සමග සමීප වීමට හොඳින් ඉඩ හසර ලැබේ. ඔහු ඉන් ප්‍රයෝජන ගෙන ඇති බව පෙනේ. ජනසංනිවේදනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය දිනාගනිමින් ලත් දැනුමත්, දිනමිණ, රැස, අරුණ, දිවයින වැනි පුවත්පත්වලට විත්ති කතා රචනා කිරීමෙන් ලද පරිචයත්, ඔහුට මේ කාර්යයේ දී උපකාර වන්නට ඇත. ගැමි ආරින් හා කට වහරින් පෝෂිත සජීවී භාෂා භාවිතය, පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත. ඉතා ඉවසීමෙන් හා කැපවීමෙන් යුතුව ලේඛන කලාවෙහි නිරත වන දුමින්දට මාගේ උණුසුම් සුභාසිංසන පිරිනමමි.
දයාරත්න දළවැල්ල
සාහිත්‍යවේදී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.