Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පරදාර

පරදාර

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඔවුන් යන දිශාව දන්නෙ දෙවියන් වහන්සේ පමණි. නමුත් දෙවියන් පවා එය දනී දැයි සැක සහිතය. මෙවැනි නාඩගම් දෙස බලා ඉන්නවා ඇරෙන්නට දෙවියන් වහන්සේට කරන්නට වෙනත් වැඩ නැතිද? විශ්වයේ සිදු වන හැම අවර කෙළියක්ම නරඹන්න දෙවියන්ට වෙලා නැත. එබැවින් ඒ සඳහා මිනිුන්ව යොදවා ඇත. කාටත් හොරා කිසිවෙකුටත් කිසිවක් කළ නොහැක; කළ හැක; නමුත් සදාකාලයටම නොව ටික කලෙකට පමණි. ඉක්බිති එය තවදුරටත් රහසක් නොවනු ඇත. දෙවියන් කවරෙකු හෝ රහස සොයන්නට පත් කරන්නේය. ඒ පුද්ගලයා මිනිස් ඇසින් සියල්ල දකින්නේය. එම රහස කටින් කටට යන්නේය. ඉක්බිති සියල්ල හෙළි වන්නේය. කටුක වුණත් සත්‍ය එයයි. එය කිසි කෙනෙකුට වළකාලිය නොහැක. දෙවියන්ට පවා එය නැවතිය නොහැක.

පරදාර පරදාර සේවනයට තිත තබන්නට ශක්‍ර දෙවියන් මනු ලොවට එවූ රස්තියාදුකාර කොළඹ කපුටාගේ කතාව !


නිශාන්ත වැලිඅංග
මෙම පොතේ කතුවරයා වන නිශාන්ත වැලිඅංග ගිරාගම කනිෂ්ඨ සහ මහනුවර කිංස්වුඩ් යන විදුහල්වලින් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ඇත. පරදාර ඔහුගේ පස්වන සාහිත්‍ය කෘතිය වන අතර මීට පෙර "සමරදිවාකරගේ භාර්යාව" "දෙවියන්ගේ ගැහැනිය" "අතීතයෙන් ආ අමුත්තා" සහ "මැඩම් සාවිත්‍රි" යනුවෙන් කෘති හතරක් එළි දක්වා ඇත. එම කෘති සයිබර් අවකාශ සාහිත්‍ය සම්මානයේ නිර්දේශිත අවසන් කෘති ත්‍රිත්වයට, ගොඩගේ සම්මානයේ අවසන් සම්මානිත කෘති හයට සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ අවසන් වටය දෙවරක් නියෝජනය කර ඇත.

ISBN
9789554172043
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පරදාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.