Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පාරාදීස කොදෙව්ව

පාරාදීස කොදෙව්ව

About this book

මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලිස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි....

බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලිස් මැලරි කුතුහලය සහ වික්‍රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක පිහිටි, අබිරහස් දිවයිනක සිතියමක්ද වේ.

එම දිවයිනේ අසමසම ධනයක් තිබෙන බව කියවෙන කතාව තදින්ම සිතට ගන්නා ඇනලීස්ගේ අයියා, ෆිලිප් එම දූපත සොයා ගමන් අරඹයි. එහෙත්, ෆිලිප් ගැන කිසිදු පුවතක් නොමැතිව මාස ගණනාවක් ගෙවී යයි. දිනපොතේ රහස් හෙළිරදවු කර ගැනීමේ අරමුණින් සහ ඇගේ සොහොයුරාව සොයා ගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙළෙමින් ඇනලිස් ගමන ආරම්භ කරයි. එම ගමන ඇයව ලොව අමුතුම දුරස්ත ස්ථානයන්ට-කේප් ටවුන් වෙත, ඕස්ට්‍රේලියාවේ ජනශුන්‍ය ප්‍රදේශයන්ට සහ අවසානයේ දක්ෂිණ සාගරයේ සාරවත්, නිවර්තන දූපත් කරා රැගෙන යයි.

එතැනදී, ඇනලීස් හට හද ගැස්ම නතර කරවන අන්දමේ උපද්‍රවයක් සේම... ප්‍රේමයක පොරොන්දුවක්ද හමුවේ.

Details
ISBN
9786245519842
පිටු ගණන (Pages)
598
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පාරාදීස කොදෙව්ව

Reviews are published once a member of our team has read them.