පරිගණක සිංහලය

Special Price රු. 238.00 Regular Price රු. 280.00
In stock
SKU
pariganaka-sinhalaya-pushpananda-ekanayaka-sooriya-prakashana

‘මව්බිම’ පුවත්පතේ පළ වූ මේ ලිපි පෙළ, සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණය විධිමත් ව එක් තැන් කිරීමේ ගැටලු අධ්‍යයනයක ප්‍රතිඵල විදහා පායි. පරිගණකයට උචිත ලෙස සිංහලය හැඩ ගැස්වීම, මේ කරුණේ ප්‍රායෝගික මැදිහත් කරුවෙකු දකින ආකාරය සහ ඔහු ගේ විසඳුම් යෝජනා ද මෙහි අන්තර් ගත ය. 

පරිගණක මෙවලම වටහා නො ගන්නා කෙනෙකු එය පරිහරණය කිරීම පිළිබඳ ව දක්වන අදහස් හා ප්‍රායෝගික ව එහි අනාගතය දකින්නෙකු අතර වෙනස මහත් ය. ඉංග්‍රීසිය වැනි තාක්ෂණය ට ඉතා පහසුවෙන් බද්ධ කර ගත හැකි භාෂාවක් හා සසඳන කල, සිංහලය අසීරු ව්‍යාකූල තත්වයක් ගනී. ඒ කෝණයෙන් දැකීම ම ඊට පිළිතුරු සපයා ගනු වස් මනා ව ඉවහල් වන බව මේ ලිපි තුළින් පිළිබිඹු වේ.

තාක්ෂණය ගැන හෝ සිංහලයේ වචන සංඛ්‍යාව ගැන හෝ හැඟීමක් නො දැනෙන තාක් කිසිදු පුද්ගලයෙකු ට ග්‍රහණය නො වන කාරණා රැසක් මෙහි දී ඉස්මතු ව තිබේ. බස් හරඹ ඔස්සේ සිංහලය සිය කටයුතු සඳහා මනා ව හසුරුවා ගන්නා වියතුන් ට හෝ නිර්මාණ කරුවන් ට හෝ පවා විෂය නොවන අනාගත දැක්මක් කරා අප යා යුතු බව මේ අධ්‍යයනයෙන් පසක් වේ.

Author පුෂ්පානන්ද ඒකනායක - Pushpananda Ekanayake (3)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556560671
පිටු ගණන 180
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පරිගණක සිංහලය
Back to Top