පැරීසියේ තනිවී
ෆ්ලොරන්ස් නේවාසික කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි ඌනා, මවගේ මරණින් පසු පැරීසියේ චිත්‍ර ශිල්පීන්ගේ මධ්‍යස්ථානය වූ මොන්මාට්‍රා වෙත ආපසු පැමිණියේ පියා වූ ජුලියස් තුරෝගේ දැනුම්දීමට අනුව ය.
මොන්මාටා චිත්‍රාගාරය වෙත පැමිණි ඇයට දැනගැනීමට ලැබෙන්නේ ඇගේ පියා මියගොස් ඇති බවය. ඇය සිය පියාගේ චිත්‍රාගාරය තුළ තනිවූයේ පිලිසරණක් නොමැතිවය. එහිදී ඇයට එහි පැමිණෙන චිත්‍ර වෙළෙන්දකු හා විනෝදකාමීන්ට සහායිකාවන් සපයන ෆිලිප් ඩයුබියුෂෙරාන් හමුවන්නේ අහම්බයෙනි. ඔහු ජුලියස් තුරෝගේ චිත්‍රාගාරයට යන්නේ පුරුදු ගැනුම්කරුවකුට විකුණා ගැනීම සඳහා චිත්‍රයක් සොයා ගැනීමටය.
මේ අතර වොල්ස්ටැන්ටන් ආදිපාදවරයා එංගලන්තයේ සිට පැරීසියේ නිවස වෙත පැමිණෙන්නේ පෞද්ගලික කරදරයකින් නිදහස්ව විවේකයෙන් පසුවන බලාපොරොත්තුවෙනි.
ඒ චිත්‍රය ආදිපාදවරයාට විකුණා ගැනීමට කටයුතු කරන ෆිලිප් ඩයුබියුෂෙරාන් ඌනාවද ආදිපාදවරයා වෙත රැගෙන යන්නේ ඇය වෙනුවෙන් කිසියම් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දෙන බව සඳහන් කරමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.