පවුරු වළලු
“මෞර්ය....”
“ම්ම්ම්.....”
මිහिपිට ඇය වන් ලියක් මට කිසිදිනෙක මුණ ගැසී නොතිබුණි. නැවත සසර සරනා තුරා මුණ නොගැසෙනු ඇත. ඇය මගේ ආත්මයෙන් හරි අඩක් වසාගෙන තිබුණි. ඉතිරි අර්ධය තුල මම ඇයව සොයමින් සිටියෙමි...
මේ බැඳීමට මම නමක් නොදැන සිටියෙමි..
මන්ද මම ආදරය ප්රේමය වැනි සංකල්ප ඇතැයි කොහෙත්ම විශ්වාස නොකරමි.. ඒවා හුදෙක් මිනිසුන් තමාවත් තම සහකරුවත් රැවටීම සඳහා යොදාගත් සාරංවකය.. උපාය මාර්ගය..
එවැනි මුග්ධ දෑ පිලිබඳව කාලය නාස්ති කර දැමීමට මගේ මනස කුඩා කල පටන්ම සැකසී නොතිබුණි..
මෙය ආදරයක් නොවුණි. රාගයක්ද නොවුණි. මානුෂීය හැඟීම් වලට ගෝචර නොවන යම් හැඟීම් සමුදායකින් මගේ ඇතුලාන්තයම ඇගෙන් පිරී ගොස් තිබුණි.
මම දන්නේ ඇය මගේ ආත්මය ප්රකම්පනය කර මගේ ඇතුලාන්තය ස්පර්ශ කල බව පමණකි..
“I love you..”
මොහොතක් මා දෙස සංවේදීව බලා හිඳිමින් පසුව කටහඩ අවදි කළ මගේ බිරිඳ දෙසට මම කල්පනාවෙන් මිදී දෑස් විකසිත කළෙමි...
ආකාෂ් මෞර්ය මඩුගල්ල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.