Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙම් ගඟ ඉවුරු

පෙම් ගඟ ඉවුරු

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
"කන්ග්‍රැජුලේෂන්ස් ලුතිනන් සහෝදරයා." මෙෂනින් කාමරයට ඇතුළුවන අතර එවැනි සුබ පැතීමක් කළේ ඇයිදැයි කියා නිකිතින්ට නොවැටහුණි. "මොකද මෙෂනින් මට සුබ පතන්නෙ? අපි යුද්ධය දිනලාවත්ද?" "යුද්ධය නම් තවම ඉවර නැහැ. යුද්ධය ගැන හිතල නෙමෙයි මම සුබ පැතුවෙ. පරිසරය ගැන හිතල. කොච්චර ලස්සන උදෑසනක්ද? ඉර පායාගෙන එනවා. කුරුල්ලෝ සිංදු කියනවා. හරිම සාමකාමීයි. එහෙම නේද? ඒක නෙමේ ලුතිනන් සහෝදරය ඊයෙ රෑ හොඳට නිදාගන්න ඇති කියල මං හිතනවා." "වරදක් නැහැ. කෝ අපේ මිත්‍රයා? ලුතිනන් නිෂ්කෝ?" "ලුතිනන් නිෂ්කෝ පිටතට ගිහින්. මම ගෙනාව ලුතිනන් සහෝදරයට රැවුල බාන්න උණුවතුර ටිකක්." නිකිතින් පුදුම විය. වෙනදා මෙවැනි කාර්යයන් කර දෙන්නේ නිකිතින්ගේ සහායකයා වන ආධුනික සෙබළ උසතිකොව්ය. ඔහු වෙනුවට උණුවතුර රැගෙන සැරයන් මෙෂනින් පැමිණිම අසාමන්‍ය දෙයකි. "මට තේරුම් ගන්න බැහැ. උසතිකෝව් වෙනුවට සාජන්ට් මෙෂනින් උණුවතුර අරගෙන ආවෙ ඇයි කියල.
ISBN
9789553301697
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පෙම් ගඟ ඉවුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.